රත්තරන් ගන්න ඉන්න අයට සුබ ආරංචියක්ද? නැත්නම් අසුබ ආරංචියක්ද? රන් මිලේ අමුතුම පෙරළියක් මෙන්න.

ලෝක වෙළෙඳපොළේ රන් මිලේ සිදුවන සීග්‍ර වෙනස්වීම් නිසා ලංකාවේ රන් වෙළෙඳපොළත් මේ දවස්වල තියෙන්නේ හරිම අස්ථාවර තත්ත්වයකයි.

පසුගිය දින කිහිපය පුරාම දේශීය වෙළෙඳපොළේ රන් මිල යම් ප්‍රමාණයකට පහළ ගියත්, ඒ මිල ගණන් ස්ථාවරව පවතීවි කියලා විශ්වාස කරන්න බැරි බවයි වාර්තා වෙන්නේ.

පසුගිය බ්‍රහස්පතින්දා (15) වන විට කොළඹ රන් වෙළෙඳපොළේ මිල ගණන් සටහන් වුණේ මෙහෙමයි.

කැරට් 24 රන් පවුමක්: රුපියල් 365,000/-

කැරට් 22 රන් පවුමක්: රුපියල් 334,000/-

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ රන් මිලේ අඩුවීම තාවකාලික දෙයක් බවයි. 2026 වසර අවසන් වෙද්දී රන් අවුන්සයක මිල ඩොලර් 5,000 සීමාවත් ඉක්මවා යනු ඇති බවට ඔවුන් මත පළ කරනවා.

2025 වසර කියන්නේ රන් ඉතිහාසයේ වාර්තාගත වසරක්. ඒ වසරේදී පමණක් රන් මිල 55% කින් පමණ ඉහළ ගියා. ඒ නිසා දැන් මිල ටිකක් අඩු වෙලා තියෙන වෙලාවේ රන් ආභරණ මිලදී ගන්න එක වාසිදායක වෙයිද, නැත්නම් මිල තවත් අඩු වෙනකම් බලාගෙන ඉන්න එක හොඳයිද කියන එක ගැන වෙළෙඳපොළේ දැඩි කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post