.png)
ජපානයේ ෂිමනේ (Shimane) ප්‍රාන්තය අද උදෑසන දරුණු භූමිකම්පාවකින් කැළඹී ගිය පුවතක් වාර්තා වෙනවා.
එරට වේලාවෙන් උදෑසන 10.18 ට පමණ සිදුවූ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් 6.2 ක ඉහළ අගයක් ගත් බවයි වාර්තා වෙන්නේ.
ජපාන භූ කම්පන දර්ශකයට අනුව මෙය "ප්‍රබල 5" මට්ටමේ භූමිකම්පාවක්. මේ කම්පනය කොතරම් සැරද කියනවා නම් තොට්ටෝරි සහ ෂිමනේ ප්‍රාන්තවල නගර කිහිපයකටම මෙහි බලපෑම දැඩිව දැනී තිබෙනවා.
භූමිකම්පාව එද්දීම ජපාන වැසියන් බියට පත් වුණේ සුනාමි තර්ජනයක් එයිද කියලා. හැබැයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වහාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "බය වෙන්න එපා, සුනාමි අවදානමක් නැහැ" කියලායි.
හැබැයි වැඩේ එතනින් ඉවර වුණේ නැහැ. ප්‍රධාන භූමිකම්පාවෙන් පස්සේ විනාඩි කිහිපයක් යද්දී, ඒ කියන්නේ පෙරවරු 10.28 ට විතර මැග්නිටියුඩ් 5.1 ක ප්‍රබල "පසු කම්පනයක්" (Aftershock) වාර්තා වුණා. ඊට පස්සේ 10.30 ට විතර තවත් මැග්නිටියුඩ් 5.1 ක කම්පනයක් යසුගි ප්‍රදේශයටත් දැනී තිබෙනවා.
චුගෝකු කලාපයට බලපෑ මේ ස්වභාවික විපත්තිය නිසා ජනතාව තවමත් ඉන්නේ ටිකක් කලබලයෙන්. කොහොම වුණත් මේ දක්වා විශාල ජීවිත හානි ගැන වාර්තා වෙලා නැති එක නම් ලොකු සහනයක්.