යුගයක් රසගැන්වූ ආදරණීය කලා ශිල්පියෙක් ජීවන ගමනට සමුදෙයි..

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායකයෙකු හා සංගීතඥයෙකු වූ රාජු බණ්ඩාර මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග මගින් තහවුරු වී තිබේ.

මිය යන විට ඔහු 65 වන වියේ පසුව සිටියේය. රාගම පිහිටි තම නිවසේදී ඔහු මෙලෙස අනපේක්ෂිත ලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කළහ.

රාජු බණඩාර මහතා දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනුණු කලාකරුවෙකු වූ අතර, ඔහුගේ මෘදු හඬින් ගායනා කළ බොහෝ ගීත ජනප්‍රියත්වයට පත්ව තිබේ. විශේෂයෙන්ම ඔහුගේ සංගීත සංයෝජන හා ගායනා ශෛලිය බොහෝ තරුණ කලාකරුවන්ට ආදර්ශයක් විය.

ඔහුගේ අනපේක්ෂිත මරණයෙන් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට බරපතළ පාඩුවක් සිදුව ඇති අතර, කලාකරුවන්, සංගීතඥයින් හා ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු මේ සිදුවීමට කණගාටුව පළ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post