හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්..


2025 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත ආරම්භ වීමට සමගාමීව, හෙට (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සහ ඒ ආශ්‍රිත ප්‍රචාරණ කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, 2025 උසස් පෙළ විභාගයේ නොපැවැත්වුණු විෂයන් 2026 ජනවාරි මස 12 වන දින සිට 20 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2,362 කදී පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.
යම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post