රත්තරන් මිල රුපියල් 3000කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න


ලෝක රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද (06) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,461ක් ලෙස දැක්වුණි.

මේ අතර ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රු 3,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 337,600ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනවාරි මස 1 වනදා එය දැක්වුණේ රු. 327,500ක් ලෙසය.

මේ අතර ජනවාරි මස 1 වනදා රු. 354,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post