නිවාස අහිමි වූවන්ට රජයෙන් මුදල් සමගම නිවසක් - වැඩි විස්තර මෙන්න


පැවති ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ සහන කඳවුරුවල ජීවත් වීමට නොහැකි අයට, ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ කුලී නිවසකට යාම සඳහා මාසිකව රුපියල් 25,000 ක දීමනාවක් ලබාදෙන බවයි.

ජනපතිවරයා මේ පිළිබඳව අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දැනුම් දුන්නේය.

මෙම දීමනාව මුලින්ම මාස 3ක් සඳහා ලබාදෙන අතර, අවශ්‍යතාවයක් ඇත්නම් එය මාස 6 දක්වා දීර්ඝ කිරීමටත් විධිවිධාන තිබේදැයි ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post