.png)
දිට්වා සුළි කුණාටුවත් සමඟ රට තුළ උද්ගතවූ ආපදා තත්ත්වය හේතුවෙන් ගමම මළගමක් බවට පත්වූ කතාව අසන්නට ලැබෙන්නේ උඩත්තව ගම්මානයෙන්.
උඩත්තව නෙළුම්මලගමේ සියලු නිවාස සම්පූර්ණයෙන් විනාශවන විට එක් නිවසක් පමණක් හාස්කමක් ලෙස බේරී තිබුණේ මවකට සහ දියණියකට ජීවිතය ලබා දෙමින්.
මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රාදේශි ලේකම් කොට්ඨාසයට අයත් උඩත්තව නෙළුම්මල ගම්මානය පොළොවට සමතලා කළ නකල්ස් කඳු වැටියේ පස් තට්ටුව කිසි දිනක තම හිස මතට කඩා වැටේ යැයි යහංගල පාමුල පිහිටි නෙළුම්මල ගම්මු කිසි දිනෙක නොසිතෙන්නට ඇත.
එම ගම්මානයේ ජීවත් වූ පවුල් දහතුනක තිස් එක් දෙනෙකු පස්යට මිහිදන් විය.
පසුව තරුණයින් සහ පොලිසිය මැදිහත්ව විසිහතර දෙනකුගේ වගේ සිරුරු ගොඩගෙනගෙන අල්ලපු ගමේ ප්‍රදේශවාසීන් හා මහා සංඝරත්නය මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් මැදිහත්වීමෙන් එක්ව අවසන් කටයුතු සිදු කර ඇත.
එම ගම්මානය තැනිතලා බිමක පිහිටා ඇති අතර නකල්ස් කඳුවැටියේ යහන් ගල ප්‍රදේශයේ සිට කිලෝමීටර පහකට අධික දුරක් පස් කන්ද පැමිණ මෙම ගම්මාන යට කර ඇත.
එදා නෙළුම්මලගමේ සියලු නිවාස එලෙස සම්පූර්ණයෙන් විනාශවන විට ඉතිරි වූ එකම නිවාසයේ සිටියේ මව සහ දියණිය පමණි.
සිද්ධියෙන් දිවි බේරා ගත් ඔහුන් සිය අත්දැකීම මෙලෙස විස්තර කළා."මමයි දුවයි විතරයි ගෙදර හිටියේ... උදේ පහට විතර තමයි මේ සිද්ධිය වුනේ. උදේ හාමුදුරුවෝ ගමේ අයයි ඇවිත් අපිව බේරගෙන අරන් ගියා"