-modified.png)
අපි නොහිතුවාට තවත් මේ වගේ කඳුළු කතා මොන තරම් නම් ඇතිද..?
හදවත් සංවේගයෙන් පුරවපු ඒ කතාව නිසා නම් ඇත්තටම බොහෝ දෙනෙක් සංවේගය දැනෙන්නට ඇති.
එක් නිමේෂයක් ඇතුළත ඔහුට සියල්ල අහිමිවී යද්දී, ඔහුට ලැබෙන්නේ හිතාගන්නවත් බැරි විදිහක දුරකතන ඇමතුමක්. ඒ තමන්ගේ පවුල හා ව්‍යාපාරය සම්බන්ධවයි.
සියල්ල සිද්ධ වුණාට පසුව ඔහු ඒ ඇමතුමෙන් අස්වැසිල්ලක් හිමිවුණාද..? සමාජමාධ්‍ය පිටු අතර සැරිසරන ඒ සංවේදී සටහන මෙන්න..
"මම නිරුත්තර වුණු දුරකතන ඇමතුම
ජීවිතේ ආපු සංවේදීම කෝල් එක, අද උදේ ආවා. වෙලාව 8.30. ආයුබෝවන්!
සර්, මම සමරනායක.
බිස්නස් එක තිබ්බ තැනම building එකක්වත් නෑ සර්. ගෙදර හිටපු නෝනයි දරුවයි දෙන්න අතුරුදහන්. අනාථ නිවාසක අනුන් දෙන කෑම එකක් කාලා, වතුර එක බීලා ඇඳිවත පමණක් තියාගෙන කල්පනා කර කර හිටියා. දුරකතන ඇමතුමක් ආවා.
good morning mr.සමරනායක චෙක් තුනක් ඇවිල්ලා තියෙනවා රු.147000 ක එකතුවක්. ඔයා එකයි තිස් පහක් අවම මේකට සල්ලි දාගන්න කියලා. දරුවයි, නෝනයි නැතුව කල්පනා කර කර හිටියේ. බිස්නස් එකේ මායිම් කණුවක් නැතුව හිත හිත හිටියේ, උදේ පාන්දර කොහෙන්දෝ ආපු මහත්තුරු ගෙනත් දුන්නු කෑම එකක්, අත හෝදගෙන කන්න පළවෙනි කට තමයි කටට දා ගත්තේ, උගුරෙන් පල්ලෙහාට බත් එක යන්න හම්බුනේ නෑ, මට මගේ ලෝකයම අහිමි උනාට පස්සේ. උදේ පාන්දර බැංකුවෙන් කතා කරලා කියනවා .
එකයි තිස්පහක් සල්ලි account එකට දාගන්නලු ,මං කියනවා මං ඉන්නේ අහවල් කඳවුරේ නෝනත් නෑ, දරුවත් නෑ ව්‍යාපාරයේ තිබ්බ තැනක්වත් නෑ . මහත්තයා මොකක් හරි සහනයක් තියෙනවද කියලා. සහනයක් ගැනනම් දන්නෙ නෑ. කොහොම හරි මේ සල්ලි ටික 11.00 කලින් දාගන්න chance එකක් හදලා දෙන්නම් කියලා. මිනිස්සු කන්ඩත් දෙනවා අඳින්නත් දෙනවා ,වතුර බෝතලේ පවා දෙනවා, ආදරය පිරිලා ඉතිරිලා..
ඒත් මං මේකට උත්තර ඉල්ලන්නේ කාගෙන්ද? මොකක්ද මේ ජීවිතේ? බත් එක පැත්තකින් තියලා කල්පනා කරා. බඩගින්න තිබ්බ තැනක්වත් නැතුව ගියා. කටට ගත්ත එකම බත් පිඩ ගිල්ලා. එක පාර මොකක්ද දන්නවද? මට හිතුනේ. බිස්නස් එකත් එක්ක හරි, නෝනයි දරුවෝ එක්ක හරි, ඇයි මං නොගියේ කියලා. ටිකක් වෙලා යද්දී කල්පනා වුණා. මං ඇයි ඉතිරි වුණේ කියලත්. මොකක් හරි හේතුවක් ඇති උත්තර ගලපගන්න බැරුව තමයි ඔබේ පාන්දර සර්ට කෝල් එකක් ගත්තේ. ඇත්තට සර් මම මොකක්ද කියන්නේ? මොකක්ද කරන්නේ? ඇත්තටම මට මගේ කියලා හැමදේම අහිමි වෙලා. මට කියලා හිටපු අය මාව දාලා ගිහිල්ලා.පැය 48 ක් ගියේ නෑ සර්, බැංකුවෙන් චෙක්වලට සල්ලි දාන්න කියනවා. මේ ලෝකෙ අසාධාරණයි තමයි සර්, මෙච්චර අසාධාරණයිද? මොකක්ද මං කියන්නේ සර්? මං නිරුත්තර වුණු ප්‍රශ්නයක්, උදේ පාන්දර මට ආපු කෝල් එක. මං තවමත් ඒ දරුවා වෙනුවෙන් කල්පනා කරනවා. මට පුළුවන් දේ මං එයාට කිවවා."
මුහුණුපොත ඇසුරෙන්..