-modified.png)
උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල් දිනයන්හි පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.
එසේම ආපදා තත්ත්වයන් නොමැති ප්‍රදේශවල පාසල් දෙසැම්බර් 16 වැනිදා ආරම්භ කරන බවයි ලේකම්වරයා සඳහන් කළේ.
එමෙන්ම විශ්වවිද්‍යාල සහ විද්‍යා පීඨ දෙසැම්බර් 08 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.