ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත තෙල් නිධියක් හමුවෙයි..


ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත තෙල් නිධියක් චීනයේ බොහායි මුහුදෙන් සොයාගෙන තිබෙනවා.

චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව මේ බව අද ප්‍රකාශයට පත්කළ අතර 2019 වසරේ සිට සොයාගත් ටොන් මිලියන 100 ඉක්මවන හත්වන තෙල් නිධිය මෙය වනවා.

චීනයේ අක්වෙරළ තෙල් හා ගෑස් සංචිත තවදුරටත් තහවුරු කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙය ඉතා වැදගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මෙම තෙල් නිධියෙන් දිනකට බොරතෙල් ටොන් 370 ක් පමණ නිපදවිය හැකි බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post