මං ආදරේ කළේ දමිත් ෆොන්සේකාට එයා වෙනස් වුණා – රතු රෝසේ චාපා කලකට පසු

wandana liyanarachchi

අනූව දශකයේ 'රතු රෝස' කියලා ටෙලිනාට්‍යයක් ඕගොල්ලෝ බලන්න ඇතිනේ. ඒකේ, 'රතු රෝස' එකේ චාපාට හිටියේ ඇය. ජීවිතයටම රඟපාලා තියෙන්නේ එකම එක ටෙලිනාට්‍යයක විතරයි. හැබැයි ඒ රඟපෑම, ඒ ආදරණීය බව, අදටත් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය රසිකයින්ගේ හිත්වල සදා රැඳෙනවා. 'ගෝල්ඩන් මෙමරීස් විත් කැලුම්' යූටියුබ් වැඩ සටහනින්  'රතු රෝස' ටෙලිනාට්‍යයේ ආදරණීය චාපා නමින් වන්දනා ලියනාරච්චි පැමිණ කථාබස් කරනවා.රඟපෑමින් දුරස්වූ ඇය පුද්ගලික ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කරනවා.

පහත පළවන්නේ ඇය සමග පැවති සම්මුඛ සාකච්ඡා‍වයි.

වන්දනාගේ පුංචි කාලෙන්ම. වන්දනා ලියනාරච්චි, [ඒක] ඔයාගේ සම්පූර්ණ නමද?

නෑ. රජීවනී වන්දනා ලියනාරච්චි.

රජීවනී. මම 'රජීව' කියලා අහලා තියෙනවා. 'රජීව්' කියලා අහලා තියෙනවා. 'රජීවනී' කියන නමක් නම් ඇහුවමයි. ඉන්දියාවේ නම් 'රජීව' කියන්නේ නෙළුම් මලට. පොඩිම නෙළුම් මලට. ඉතින් රජීවනී වන්දනා... ඒ නම් දෙක ගැලපෙනවා කියලා මම හිතනවා.

අනිවාර්යයෙන්ම, අනිවාර්යයෙන්ම ගැලපෙනවා. 'වන්දනා' කියන නමත් සාමාන්‍යයෙන් වැඩිය අහන්න ලැබෙන නමක් නෙමෙයි. අපි වන්දනාමාන කරනවා බුදුන් වහන්සේට, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපි වන්දනාමාන කරනවා. නමුත් 'වන්දනා' කියන නම හරිම 'අන්කොමන්' නමක් නේද?

ඒ කතාවට පොඩි කතාවක් තියෙනවා. මම කියන්නම්. මගේ අම්මා... 1971 මම ඉපදෙන්නේ. හින්දි චිත්‍රපටයක් ආවා 'ආරාධනා' කියලා. රාජේශ් ඛන්නා, ශර්මිලා ඨාගෝර් තමයි 'වන්දනා' විදිහට රඟපෑවේ. ඒකේ එයාගේ නම 'වන්දනා' කියලා මම හිතන්නේ දෙපාරක් වගේ කියන්නේ. රාජේශ් ඛාන් ආදරේට කියන්නේ 'විනු' කියලා. ඉතින් අම්මට ඔය නම හිතිලා, කෙල්ලෙක් හම්බවුණොත් 'ව' යන්න කියන අකුර දුන්නොත් (නැකතට අපිට අකුරක් දෙනවනේ) 'වන්දනා' කියලා දානවා කියලා [හිතුවලු]. කොහොමහරි එයා තුන් පාරක් [ඒක] බලලා, [මම] හම්බවෙන්න දවස් දෙකට ඉස්සෙල්ලත් බලලා. ඉතින් ඒ නම තමයි මට 'වන්දනා' කියලා දැම්මේ. මගේ ආච්චි තමයි 'රජීවනී' නම ගළපලා දාලා තියෙන්නේ.

රජීවනී වන්දනා ලියනාරච්චිගේ පවුලේ තොරතුරු [කතා කරමු]. පවුලේ කී දෙනෙක් හිටියාද? ඔබ ඉපදුණේ කොහෙද?

මම ඉපදුණේ කොළඹ හතේ. 'සිනමන් ගාර්ඩන්ස්' හොස්පිටල් එකේ. මගේ අම්මාගේ ගම මරදාන, තාත්තාගේ ගම කොටහේන. ඉතින් මම ඉපදුණේ... කොටහේන කිව්වම හරි. මගේ ගම. කොටහේනේ අපි හිටියේ විශාල ගේක. ලොකු ගෙයක්. මොකද මගේ තාත්තාගේ පවුලේ ඉන්නවා නම දෙනෙක්. ඒ කියන්නේ සහෝදර සහෝදරියෝම නම දෙනෙක්.

තාත්තාගේ?

ඔව්. එතකොට මගේ සීයා, දාවිත් සිංඤෝ මුදලාලි කියනකොට ඕන කෙනෙක් දන්නවා. එයා ෆිල්ම් 'ප්‍රොඩියුස්' කරලා තියෙනවා. 'සීතල වතුර'. 'සීතල වතුර' බොහොම ජනප්‍රිය චිත්‍රපටයක්. ඒ වගේම 'නාරිලතා'ත් බොහොම ජනප්‍රිය චිත්‍රපටයක්. තිස්ස ලියනසූරිය කියන අධ්‍යක්ෂක මගේ බාප්පා කෙනෙක්. ඉතින් එහෙම තමයි... අපේ ගෙදර හදලා තියෙන්නේ 'ෆිල්ම්ස්' වලටම. [මොකද] ඒ කාලේ 'ස්ටුඩියෝස්' වලට වඩා 'ෆිල්ම්ස්' [ගෙවල්වල] ගත්තේ. ඉතින් කොටහේනේ මම හැදුණේ, පාසල් ගියේ...

[ඔබ] පවුලේ එකම දරුවද?

නංගි කෙනෙක් ඉන්නවා. එයා කල්පනා ලියනාරච්චි. එයාත් මාත් එක්ක රඟපෑවා මේ ටෙලිනාට්‍යයේ 'මායා' විදිහට, මගේ යෙහෙළිය හැටියට. එතකොට එයා ක්‍රිකට් ක්‍රීඩාව කරලා තියෙනවා. අවුරුදු 10ක් ක්‍රිකට් ගැහුවා ශ්‍රී ලංකා 'විමෙන්ස් ටීම්' එකට. ලෝක ශූරතා දෙකකට එයා සහභාගී වෙලා තියෙනවා. එයා එක අංශයකින් ප්‍රසිද්ධයි. මම මේ පැත්තෙන් ප්‍රසිද්ධයි. ඉතින් මගේ අම්මා... ඇත්තටම මගේ තාත්තා හිටියා නම් එයා ආඩම්බර වෙයි. තාත්තා හිටියා නම් රඟපාන්න දෙන්නෙත් නැහැ. එයා නැතිවුණා 1990 වසරේ.

ඉතින් මගේ පාසල්... අපි, අපි පාසල ගැන කතා කරමු දැන්.

මගේ පාසල් අවධියට ගියොත්, 'මියුසියස්' බාලිකා විද්‍යාලයේ මම ඉගෙන ගත්තේ. ඒකත් කොළඹ හත. ඊට ඉස්සෙල්ලා මම බෞද්ධ කාන්තා විද්‍යාලයේ සිංහල පාසලේ ඉගෙන ගත්තා. මොන්ටිසෝරි එක. ඉතින් ඊට පස්සේ 'මියුසියස්' එකේ 'ග්‍රේඩ් වන්' තමයි මම ගියේ. ඒ වුණාට මොන්ටිසෝරි තුනකට මම ගිහිල්ලා තියෙනවා. 'ගුච්චපෙට්' කොන්වන්ට් එකයි. ඒකෙ ඉස්සරහා තිබුණා සිංහල පාසල. ඒකට ගියා. බෞද්ධ කාන්තා විද්‍යාලයේ මගේ පුංචි අම්මා (නැන්දා). එයාටත් 'නර්සින්' (Nursery?) එකක් තිබුණා. තුනකම ඉගෙනගෙන තියෙනවා.

මොන්ටිසෝරි තුනක, නැත්නම් බාලාංශ තුනක ඉගෙන ගත්ත රජීවනී වන්දනා. ඊට පස්සේ කොළඹ 'මියුසියස්' විද්‍යාලයට ඇතුළත් වෙනවා. නංගිත් ගියේ 'මියුසියස්' විද්‍යාලයටද?

ඔව්.

අක්කයි නංගියි ලස්සන රෝස මල් දෙකක් වගේ ඉන්න ඇතිනේ ඒ කාලේ. හරිම හුරුබුහුටියට, ලස්සනට. 'මියුසියස්' විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සිත ගියේ අධ්‍යාපනයටද, කලා කටයුතු වලටද, එහෙමත් නැත්නම් ක්‍රීඩා කටයුතු වලටද?

ඔබ හරි. ක්‍රීඩා කටයුතු වලට වැඩියෙන්ම. ඉගෙන ගත්තා. හොඳට ඉගෙන ගත්තා. මමයි නංගියි දෙන්නාම ක්‍රීඩා අංශයෙන් තමයි ප්‍රසිද්ධ වුණේ. ඉතින් මගේ අම්මා ඒ පැත්තෙනුත් ඒ කාලේ ආඩම්බර වෙන්න ඇති. එයා ඇත්තටම මල් සාප්පුවක් කරගෙන ගිය කෙනෙක්. තාත්තා 'බිස්නස්' කරේ. ඉතින් එයාට, එයාගේ ඒ වැඩ කටයුතු එක්ක, අපිට ගොඩක් ක්‍රීඩා අංශයටයි... එතකොට ඉංග්‍රීසි දැනුම ඉගෙන ගන්න... පාසල් කාලේ අපිට ඉංග්‍රීසි නැතුව බැහැ. ඉතින් ගගා උගන්නනවා ඉස්සර අම්මා. පාසල් කාලයේ ගොඩාක් නර්තන පැත්තෙන් සහභාගී වෙලා තියෙනවා. හැබැයි රඟපාලා නම් නැහැ කවදාවත්. 'ඉංග්ලිෂ් ඩේ' එකට එක දවසක්, එක පාරක් මම රඟපෑවා. එක වචනයයි වගේ මට කියන්න තිබුණේ. ඉතින් කලා පැත්තෙන් බැලුවොත් සංගීතය නම් අමාරුයි. 

නර්තනය තමයි ගොඩක් මම ඉගෙන ගත්තේ. 'චිත්‍රසේන ඩාන්සින් ස්කූල්' එකෙත් මම ඉගෙනගෙන තියෙනවා අවුරුදු පහක්. නටනවා වැඩියි කියලා මගේ තාත්තා අම්මට බැණලා ක්ලාස් යන එක නැවැත්තුවා. අම්මා හොරෙනුත් යැව්වා මාව. එයා අපිව ඕන දේකට 'ෆෝවර්ඩ්' කරලා. අපි මොනවටද කැමති, ඒ හොඳ දේ තමයි මගේ අම්මා අපිට කියලා දුන්නේ. පාසල් අවධියේ ගොඩක් සොඳුරු මතකයන් තියෙනවා. 'මිස්'ලා, 'ටීචර්ස්'ලා, 'ප්‍රින්සිපල්ස්'ලා... ඒ වගේම මම වැරදි කරපු ඒවත් තියෙනවා. 'පනිශ්' කරලත් තියෙනවා. 'හෝම්වර්ක්' කරන්නේ නැතුව හොරෙන් කාලා. ඒ වගේ දේවල් තියෙනවා. මතක් වුණොත් මම ඔයාට කියන්නම්.

රජීවනී වන්දනා තරුණ යුවතියක් විදිහට 'මියුසියස්' විද්‍යාලයේ ඉගෙනුම ලබනකොට... ඔය විද්‍යාලය ආසන්නයේ පිරිමි පාසල් කීපයක්ම තියෙනවා නේද? රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඔය වගේම 'කේරි කොලේජ්', නාලන්ද. මේ වගේ පාසල් වල අධ්‍යාපනය ලබන පිරිමි ළමයින්ගේ අවධානය කොයි විදිහටද ලැබුණේ?

පිරිමි ළමයි කෙසේ වෙතත්, අපිත් පිරිමි ළමයි දිහා ඉතින් බැලුවා. අපේ තිබුණා ඒ කාලේ 'කලර්ස් නයිට්' කියලා. එතකොට 'රෝයල් කොලේජ්' එකෙන්, 'ඩී. එස්. සේනානායක' විද්‍යාලය, ආනන්ද, නාලන්ද... අපිත් ආනන්ද එකට ගිහිල්ලා තියෙනවා 'ස්පෝර්ට්ස් ෆෙස්ටිවල්' වලට. මම ගොඩක් ජනප්‍රියයි ඒ කාලේ. ඉතින් එහෙම ගියාම ආදරයක් ගැන ඉතින් හිතන්නේ නැහැ. ආදරය ගැන හිතුණා වුණත්, මගේ තාත්තා නම් 'ෆෝන් නම්බර්ස්' දුන්නම, ෆෝන් එක 'රිං' වෙද්දී, ඒගොල්ලන් 'කෝල්' කරද්දී... මම පල්ලෙහායින් ගත්තොත් තාත්තා උඩින් ගන්නවා. ඉතින් ඒක නිසා කතා කරන්නේ නැහැ. බයයි. තාත්තා ගත්තොත් 'කට්' කරනවා. 

ඉතින් තාත්තා කියනවා 'ෂුවර්' එකට මේක වන්දනාට තමයි මේ 'කෝල්' එක එන්නේ කියලා. මම කියනවා "මම දන්නේ නැහැ" කියලා. ඉතින් ඒ වගේ යුගයකුත් තිබුණා. අම්මාට නම් වෙලාවක් තිබුණේ නැහැ ඒවා හොයන්න. මම... අම්මා මල් සාප්පුවේ ඉද්දි, මම 'ඕ ලෙවල්ස්' කරලා ඉවර වෙලා... තාත්තා අපිව එතනින් එහාට 'කුකරි ක්ලාස්', එතකොට මැහුම් ක්ලාස් [යැව්වා]. 'ෆ්‍රෙන්ච්' ඉගෙන ගත්තා. 'ජපනීස් ලැන්වේජ්' එක ඉගෙන ගත්තා. ඉතින් එතකොට ඒ මල් සාප්පුවට [එන] පිරිමි ළමයින් නම් ඇති තරම් 'ලයින්' දාලා තියෙනවා. අම්මව දැක්කම අම්මට 'ලයින්' [දානවා], මොකද අම්මා මට වඩා හරිම ලස්සනයි, සුදුයි, දෙවඟනක් වගේ එයා ඒ කාලේ. දැන් ඉතින් එයා වයසයි.

අම්මා... මම දැක්කා අම්මා තාමත් හරිම ලස්සනයි.

ලස්සනට ඉන්නවා.

ඔව්. මට හිතාගන්න පුළුවන්.

පාසල් අධ්‍යාපනය නිම කරාට පස්සේ වන්දනා, ඔබට හිතුණේ කවුරු වෙන්නද? හීන මවනවනේ ගොඩක් තරුණ යුවතියෝ, "මම ලොකු වුණාම මොනවද කරන්නේ?" කියලා.

අදහසක් තිබුණා. මම ගොඩක් කලාවට කැමති නිසා මම මහන්න ආසයි. මගේ තාත්තා මගේ 17 වෙනි උපන් දිනයට මට 'සිංගර් කොන්ටෙසා' 'මෙෂින්' එකක් අරන් දුන්නා. ඉතින් හරිම ජනප්‍රියයි ඒ 'මෙෂින්' එකත් ඒ කාලේ 'සිංගර්'. තාමත් හොඳට තියෙනවා. මම තාමත්... දැන් නම් පොඩ්ඩක් මහන්න වෙලාවක් නැහැ. හොඳම 'මෙෂින්' එකක් ඒක 'සිංගර්' එකේ.

ඉතින් මට දැන් හරි... 'සිංගර්' 'ඇඩ්වර්ටයිස්මන්ට්' එකක් නෙමෙයි.

ඔව්. හරිම ආසයි ඉතින් මැහුම් කටයුතු. ඉස්කෝලේත් අපිට මැහුම් තිබුණා. 'සබ්ජෙක්ට්' එකක් හැටියට. ඉතින් මම හොඳට ඒ මැහුම් කරලා තියෙනවා. ඊට පස්සේ මාව දැම්මා 'කැතලින් ස්කූල් ඔෆ් ඩ්‍රෙස් මේකින්' කියලා. මගේ අම්මා [තමයි] දැම්මේ.

ඉස්සෙල්ලාම සාරි ජැකට්. ඒ කාලේ හරි ප්‍රසිද්ධයි නේද ඔය 'කැතලින් ස්කූල්' එක? මට මතකයි මගේ පුංචි අම්මත් ඕකට ගියා එක කාලයක්. හරිම ජනප්‍රියයි. මහන්න කැමැත්තක් දක්වන තරුණියන්ට තිබිච්ච හොඳම තැනක්.

ඔතන හැමදේම ඉගැන්නුවා. අර මෙහෙම... 'පැටර්න්' නේද ඒකට කියන්නේ?

අන්න ඒ 'පැටර්න්' එකක් කපලා හැට්ට මහන හැටි, ගවුම් මහන හැටි...

පුංචි කාලේ ගෙදර ඉන්නකොට... එහෙම නැත්නම් වැඩි වියට පත් වුණාට පස්සේ... අක්කාගේ නංගිගේ තිබ්බේ මොන වගේ සම්බන්ධතාවයක්ද?

හොඳ සම්බන්ධතාවයක්. හැබැයි නංගි ටිකක් පිරිමි ළමයෙක් වගේ. ගහගන්න, වෙඩි තියන්න... එයාට පොඩි කාලේ ඉඳන්ම අපේ අම්මලා තාත්තලා අරන් දුන්නෙත්... තුවක්කු, රොබෝලා, එතකොට ඔය 'බොක්සින් ග්ලව්ස්', 'බොක්සින් පන්චින්' අර 'ස්ටෑන්ඩ්' එකේ 'බෑග්' එක. ඉතින් මට ගහනවා ඔය වලින්. ඉතින් හරිම දඟයි. පුදුම දඟයක් තිබුණේ නංගි නම්. 

වන්දනා, ඉන්නවා... අර කිව්වනේ කතාවක්, උයන්න ඉගෙන ගන්න වුණේ ප්‍රේම සම්බන්ධයක් හින්දා කියලා.

ඔව්. ප්‍රේම සම්බන්ධතා... කියන්නේ හරියටම 'සීරියස්ලි', 'සීරියස්ලි' ආදරේ කරපු කෙනෙක් මට හිටියා. අවුරුදු 16, 17, 18 දී ඉතින් හම්බවෙනවා, කැඩෙනවා. ඉතින් අපි එක එක්කෙනාට ආශ්‍රය කරනවා. ඒවා [ස්ථිර] වෙන්නේ නැහැ. ඉතින් 'කානිවල්' ගියාත් හම්බවෙනවා. ඒ වගේ ඒවා හම්බවෙලා ඒවා කැඩිලා ගියා. යාළුකම් විතරයි. ඇත්තටම මම නම කියන්නම්. හැමදේම මම... ඒ කියන්නේ ඇත්තම ඇත්ත කියන්න ඕනේ මේ වගේ 'ඉන්ටර්විව්' එකක. මම නම නොකියා ඉන්න හේතුත් තියෙනවා. [ඒත්] මගේ හරියටම පළමු ආදරය, දමිත් ෆොන්සේකා.

නළුවා?

මගේ හොඳම යාළුවා. [මෙතනදි] එයාට... ඒක තමයි. ඔයා අහයිද දන්නේ [නැති]... [ඔයා] කැමති ප්‍රශ්නයක් අහන්න.

දමිත් ඕවා අහලා ඇති වෙලා ඇති, දමිත්ට. ඉතින්...

ඔයා අහන ඕනම ප්‍රශ්නෙකට ඇත්තම උත්තර දෙනවා. සමහරක් නම් ගම්, අනිත් අයට... ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක අපකීර්තියක් නම්, අපහාසයක් නම්, මම කියන්නේ නැහැ.

දමිත් 100%ක්වත් අකමැති වෙන එකක් නැහැ. මේ තරම් ලස්සන ගැහැණු ළමයෙක් එක්ක යාළු වෙලා හිටියා කියද්දි, ඇයි එහෙම අකමැති වෙන්නේ?

ඔව්. මම ඇත්තටම දමිත්ට මුළු හදවතින්ම ආදරේ කරා. ඒක මගේ තාත්තයි, මගේ අම්මයි, ගාමිණි 'අන්කලු'යි, එයාගේ සහෝදරයයි, අම්මයි... එයාගේ අම්මා 'ටීනා ආන්ටි'. කැමැත්තෙන් දුන්නේ. කැමැත්ත දුන්නා. ඇත්තටම ගාමිණි 'අංකල්' තමයි මේ 'ප්‍රොපෝසල්' එක ගෙනාවේ. ගාමිණි 'අංකල්'ගේ 'බර්ත්ඩේ' එකක් කියලා. මමයි දමිතුයි හොරෙන් හොරෙන්... අපි... මම 'ජපනීස්' ඉගෙන ගත්තා. නැහැ, [එයා] ජපාන් වල හිටියේ. මෙයා 'ජපනීස්' වලින්ම මාත් එක්ක කතා කරා. දැන් ඉතින්... දමිත් හරිම කඩවසම් තරුණයෙක්. එතකොට හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ, පුදුම කඩවසම් තරුණයෙක්. මම ඇත්තටම එයාත් එක්ක ටිකක් කතා කරලා ආශ්‍රය කරනකන්ම දන්නේ නැහැ එයා ගාමිණි ෆොන්සේකාගේ පුත්‍ර රත්නය කියලා. මොකද එයා නිකන් 'ඉන්ඩියන්' නළුවෙක් වගේ. 'ලයිට් බ්‍රවුන් හෙයාර්'. එයා ජපාන් ගිහිල්ලා ඇවිල්ලා. මම ඇත්තටම හිතුවේ අරාබි හරි ඒ රටේ [වගේ] ආපු එක්කෙනෙක් කියලා. ගොඩක් වෙලාවට එයා යනකන් දන්නේ නැහැ. ගාමිණි 'අංකල්' ම ළඟට ඇවිල්ලා කිව්වා "මේ මගේ පුතා" කියලා. "චන්ද්‍රා, මොනවද කියන්නේ? අපි මේ දෙන්නාව බන්දමු" කිව්වා එකපාරටම. ඉතින් එහෙම තමයි, අම්මලාගේ කැමැත්ත පිට තමයි අපි දෙන්නා ආදරේ කරන්න ගත්තේ.

ආදරේ කරන්න පටන් ගත්තා. දමිත්ට රහට කන්න ඕන හින්දා උයන්න පටන් ගත්තා. මොකද මම පොඩ්ඩක්වත් ඔය කතාව ගැන පුදුම වෙන්නේ නැහැ. දමිත් දැන් කසාද බැඳලා ඉන්නේ...

 ඉතින් එයා 'ඇක්ට්' කරා. ඊට පස්සේ 'නොමියෙන මිනිස්සු' එකේ. ඔතනදි තමයි දමිත් වෙනස් වුණේ. ඉතින් මම ඉතුරු ටික කියන්න කැමතියි. 'නොමියෙන මිනිස්සු' එකේ 'ඇක්ට්' කරද්දී, ගාමිණි 'අංකල්' එතකොට පාර්ලිමේන්තුවේ. එයා මන්ත්‍රී කෙනෙක්. 

එයා උප කථානායක. ඉතින් එතකොට එයාට 'බොඩිගාඩ්ස්'ලා ඉන්නවා. මගේ තාත්තත් හිටපු ගමන්... හරිම ආදරෙයි. ඒගොල්ලෝ දෙන්නා හරිම යාළුයි. [තාත්තා] 'බොඩිගාඩ්' විදිහට [වගේ] යනවා. ඉතින් ඔය ගාමිණි 'අංකල්'ලා බණ්ඩාරවෙල 'රෙස්ට් හවුස්' එකේ, මම හිතන්නේ ඒගොල්ලෝ එතකොට 'ලැගුම්' හිටියේ. එතකොට ඒකේ 'බොඩිගාඩ්ස්'ලා මට 'කෝල්' කරලා කිව්වා, දමිත් අලුත් ආදරයක් හොයාගෙන කියලා. ඒගොල්ලෝ තමයි මට ඉස්සෙල්ලාම කිව්වේ. දැන් ඒගොල්ලෝ ජීවතුන් අතර නැතුව ඇති. [බළලා] මල්ලෙන් එළියට පැන්නා.

පැන්නා.

ඉතින් මට හරි දුකයි. දැන් මට හරි 'අප්සෙට්'. මම ඇහුවා එතකොට... ඒක...

ඇන්ජලා [සෙනෙවිරත්න]?

නැහැ. සංගීතා. තව නිළියෝ ගොඩක් හිටියා. නෑ නෑ නෑ. එහෙම කෙනෙක් නෙමෙයි. සංගීතා වීරරත්නත් එක්ක තමයි වැඩියෙන් කුළුපග වෙනවා කියලා කිව්වේ. ඉතින් දැන් මොන දෙයියන්ද... කියන්නේ නිළියෙක් එක්ක. මම නිළියෙක් නෙමෙයිනේ. මට... ඒගොල්ලන් එක්ක 'කොම්පීට්' (compete) කරන්න බෑ. තරඟ වදින්න බෑ. මම ඉතින් ඉවසාගෙන හිටියා කොළඹ එනකන්.

මම නිකන් අහන්නේ...

ඉතින් කොළඹ ආවට පස්සේ දමිත් කතා කරන්නෙත් නෑ. මාව බලන්න එන්නෙත් නෑ. ඉතින් මම දැන් ඉතින් කන්නේ බොන්නේ නැතුව අඬනවා. අපේ අම්මට [කියනවා]. දැන්... තාත්තා ඔය කාලේ තමයි ඇත්තටම නැති වුණේ. ඉතින් දැන් තාත්තත් නෑ මේක කියන්න. ගාමිණි 'අංකල්'ටත් කියන්න බැහැ. එයාගේ අම්මා කිව්වා, "නෑ, එයා කවදාවත් එහෙම වෙනස් වෙන්නේ නෑ" කියලා. ඔහොම ඔහොම ඉද්දී මම හිතුවා මේක නවත්තන්න ඕනේ. මට ගොඩාක් දේවල් ආරංචි වුණා. ගොඩක් දේවල් මගේ අතටම දැනගන්න ලැබුණා. මමම දැක්කා, අත්දැකීමෙන්. ඉතින් ඊට පස්සේ දමිත්ට කිව්වම, දමිත් කිව්වා, "නෑ, මම වෙනස් වෙන්නේ නෑ". "ඒ වුණාට මට දැන් මේ චිත්‍රපට රඟපෑමත් එක්ක ඔයත් එක්ක කාලය ගත කරන්න වෙලාවක් නෑ" කියලා. ඔහොම ඉද්දී මට හරි දුකයි. එයාගේ, මම හිතන්නේ, විසි දෙවෙනි උපන් දිනය තිබුණා. 22 හරි 23 හරි. ජනවාරි 16. [එයාගේ] 'බර්ත්ඩේ' එක. එදා 'පාටි' එකක් තිබ්බා. උදේ ඉඳන් එයාට මල් එවලා. සංගීතා. ඊට පස්සේ දැන් ඉතින් මගේ අම්මට මල් සාප්පුවක් තියෙන්නේ. මම මුළු මල්, රෝස මල් ඔක්කොම ටික... දමිත්ලාගේ ගෙදර මල් වලින්ම වැහිලා කියලා... ...කවුද කියන්නේ? මේ අපේ උෂානි වීරසිංහ. ඔව්, 'කන්ද ගෙදර' රඟපෑවේ 'චාමලී' [විදිහට]. උෂානි කිව්වා,

 "වන්දනා, මෙයා [එවලා] මෙන්න එක මලක්". මම කිව්වා, "එක මලට මම තුනක් එවන්නම්". ඔය වගේ මල්... මුළු මල් සාප්පුවේ මල් ටික එදා අපි රත්මලානට 'ඩිලිවර්' කරා. ඉතින් දමිත්ලාගේ [ගෙදර]... [ගේ] ඇතුළ මල් වලින්ම වැහිලා. ඉතින් හවස 'පාටි' එකට එන්න කියලා අක්කත් 'කෝල්' කරලා. ඔක්කොම 'කෝල්' කරලා කිව්වට පස්සේ... ඉතින් දැන් අපි දැන් නැවැත්තුවා. 'බ්‍රේක් අප්' එක. මොකද එදා මම නවත්තන දවසේත් සංගීතා ගෙදර හිටියා. මම එදා දමිත් එක්ක කතා කරලා ඉවරවෙලා, මම බැණලා කරලා ආවා. මගේ ජීවිතේ මම පළවෙනි වතාවට මෙහෙම 'සීරියස්ලි' 'ලව්' කරා. ඒක ඉවරයි කියලා අඬලා අඬලා ගෙදර ආවා. පස්සේ එදා රෑ 'පාටි' එකට යන්න... දැන් ඒ ජනවාරි 16... ජනවාරි 22... දැන්. ඉතින් ඔක්කොම එන්න කියනවා. තනූජා අක්කි මට කතා කරන්නෙත් 'නංගි' කියලාමයි කතා කරන්නේ. කොහේ දැක්කත් අදටත් 'නංගි' කියලා. 'වින්ද්‍යා'ව බැන්දාට පස්සෙත් වැරදිලා 'වන්දනා' කියවෙනවා කියලා... ...වින්ද්‍යාමයි මට කිව්වේ. [එයා] මාවත් දන්නවා. මම එයාව හම්බවෙලා තියෙනවා. හරිම හොඳයි. 'වෙල් එඩියුකේටඩ්' (Well-educated), යස්. 'වෙල් එඩියුකේටඩ්' එක්කෙනෙක්. මම එයත් එක්ක කතා කරලත් තියෙනවා. ඊට පස්සේ. හරිම හොඳ නෝනා කෙනෙක්. වින්ද්‍යාත්.

 ඉතින් දැන් මේ දමිත්ගේ 'එෆෙයාර්' (affair) එක ඉවර වුණාට පස්සේනේ දැන් මට 'රතු රෝස' 'සීරියස්ලි'ම 'ඇක්ට්' කරන්න හම්බවුණේ. ඒ කියන්නේ ඒක කැඩි කැඩි තියෙද්දී. ඉතින් මම කැමති වුණා. එදා 'පාටි' එක වෙලේ කමල් අද්දරආරච්චිත් හිටියා. දැන් කමල්... අ... සංගීතා... මොකක් හරි එකක් තියෙන්න ඇති. මට ඒක කියන්න බැහැ. මොකද ඒක කමල්ගේ ජීවිතේ. ඉතින් මම වැරදි දෙයක් කියන්න කැමති නැහැ. කමල්...

හරියටම දන්නේ නැතුව අපිට කියන්න බැහැ.

කියන්න බැහැ. මොකද මට කමල් කටින් කියලා නැහැ, එයයි සංගීතයි සම්බන්ධයක් තිබුණා කියලා. ඒ වුණාට ඒ දෙන්නා හරිම යාළුවෝ. ඉතින්... යාළුකම් තියෙන්නත් පුළුවන්.

පුළුවන්නේ? පුළුවන්, පුළුවන් තියෙන්න.

ඉතින් ඊට පස්සේ... උෂානි කිව්වා "මේ වන්දනාට තමයි 'රතු රෝස' එකේ ටෙලිඩ්‍රාමා එකේ චාපාගේ 'කැරැක්ටර්' එක මේ... රඟපාන්න තෝරගත්තේ" කියලා. ඉතින් එතකොට සංගීතටත් මේ 'ස්ක්‍රිප්ට්' එක දීලා තියෙනවා රංජන් අයියා. සංගීතා කැමති වෙලා නැහැ. ටෙලි ඩ්‍රාමා එකක් නේ. ඉතින් එයාට සමහරවිට වෙලාවත් නැතුව ඇති. දැන්, දැන් මමයි සංගීතයි හොඳ යාළුවෝ. අපි දෙන්නා හොඳම යාළුවෝ. හොඳම, හොඳම... කතා කරනවා. සංගීතා එතකොට කිව්වා, "මේක වන්දනාට රඟපාන්න හම්බවෙන්නේ නැහැ." "මේක මාර දැවැන්ත පිටපතක්." "මේක හරිම අමාරුයි." "එයා 'ඇක්ට්' කරලත් නැහැ. මේක 'ෆස්ට් ටයිම්' නේ." "බලමු එයා 'ඇක්ට්' කරයිද කියලා." එයා මාර 'චැලෙන්ජ්' එකක් දුන්නා. මට නෙමෙයි ඒක කිව්වේ, උෂානිට. මම දැන් එකපාරම මාර 'අප්සෙට්'. ඉතින් මම නිකම්ම... දැන් මේ වගේ ප්‍රවීණ නිළියක්... නෑ එතකොට... එහෙම කිව්වම මට දැන් සම්පූර්ණයෙන්ම මම අධෛර්යමත් වුණා. මම නිකන් "අයියෝ" කියලා මෙහෙම පිටිපස්සට බැලුවා. මගේ පිටිපස්සේ කමල් හිටියේ. කමල් පැත්තකට මට කතා කරලා කිව්වා,

 "වන්දනා." එයා ඉංග්‍රීසි වලින් එතන කිව්වා, "ඔයා බය වෙන්න එපා." "ඔයාට 'චැලෙන්ජ්' එකක් දුන්නේ. මම ඉන්නවා." "මම ඔයාව හොඳට 'ට්‍රේන්' කරලා ගන්නම්" කියලා. ඇත්තටම... ඒ 'රතු රෝස' එකේ මම හරියටම රඟපෑවා කියලා මම... ප්‍රවීණ විදිහටම නෙමෙයි, ඒ කියන්නේ මම එහෙම රඟපෑවේ... දක්ෂ විදිහට රඟපෑව නම්, කමල් තමයි මට රඟපාන්න කියලා දුන්නේ. එතකොට ඒ 'රතු රෝස' එකේ අධ්‍යක්ෂක රංජන් ද සිල්වත් මට ගොඩක් දේවල් කියලා දුන්නා. කමල් කිව්වා "මම ඔයාව 'ට්‍රේන්' කරන්නම්" කියලා දවස් දහයක් මට 'ට්‍රේන්' කරා. අඬන්න නම් ඇත්තටම බැහැ. අ... අන්තිම දවසේ කමල්ට තරහා ගිහිල්ලා. දැන් මාව අඬවනවා. මොකද මේ 'ස්ක්‍රිප්ට්' එකේ හැම පිටුවකම වගේ තියෙන්නේ මට අඬන්නම තමයි තියෙන්නේ. ඉතින් අඬන්න මම ඇඬුවේ නැත්නම් ඉතින් මම කොහොමද රඟපාන්නේ? කමල්ටත්... මම මොකද 'ෆස්ට් ටයිම්', මම අලුත් නිළියෙක්. ඉතින් එතකොට මට මේ අත්දැකීම් නැහැ. කමල් එතකොට බය වුණා මට රඟපාන්න... ඒ කියන්නේ අඬන්න බැරි වුණොත් මම මේකේ වැඩක් නැහැ, මම මේකේ රඟපාලා... කියලා. ...කරන්නේ කියලා. දැන් අන්තිම දහවෙනි දවස 'ට්‍රේන්' කරලා. එකපාරටම එයාටත්... මෙයා කල්පනා කර කර... දැන් ඉතින් මම කමල්ගේ මූණ දිහා බල [බල හිටියා]. එකපාරටම [එයා] අපේ බිත්තියට ගැහුවා. අම්මලාගේ කාමරේ 'ට්‍රේනින්' තිබුණේ, ඒක 'සවුන්ඩ් පෘෆ්' නිසා. බිත්තියට ගැහුවා පාරක්. මම බය වෙලා දඩ බඩ ගාලා අඬන්න ගත්තා. හෝ ගාලා අඬන්න ගත්තා. මම දැන් අඬනවා, අඬනවා. කමල්ට නවත්ත ගන්නත් බැහැ දැන්. කමල්ට හිනා. "අම්මෝ ඇති යන්තම්." "මෙයාට අඬන්න පුළුවන්" කියලා. රංජන් අයියට තක් ගාලා අපේ ෆෝන් එකෙන්ම 'කෝල්' එකක් දීලා කිව්වා "මෙයාට අඬන්න පුළුවන්" කියලා.

'රතු රෝස' මේ වගේ රඟපාන්න අභියෝගයක් විදිහට භාර ගත්ත වන්දනා... වන්දනාට, එහෙමත් නැත්නම් චාපාට, මිනිස්සු පුදුම විදිහට ආදරය කරන්න පටන් ගත්තා. මතකද ඒ අතීතය?

හොඳටම මතකයි. මම මාර ශක්තිමත්. අ... මම එතකොට අම්මාගේ මල් සාප්පුවේ ඉද්දි, මරදානේ 'එල්ෆින්ස්ටන්' එක ඉස්සරහා, දමිත්ගේ තියෙනවා අහස උසටම 'චන්ඩි රැජින' 'කට්අවුට්' එකක්. ඒක දැක්කම මම අහක බලාගෙන යනවා. දමිත්ව බලන්න ඕනෙම නැහැ. හරි. මට එපා. එපා. එතකොට මම මාර 'ස්ට්‍රෝන්ග්'. පත්තරේ දාලා තිබ්බා දමිත්ගෙන් අහද්දී මම ගැන. දාලා තියෙනවනේ ඉතින් පත්තර වල, සිනමා පත්තර වල දාලා තිබුණා. "මේ වන්දනා කොහොමද?" එතකොට [දමිත්] "මම වන්දනාව දන්නේ නැහැ" කිව්වා. මට දැන් ඒක දැකලා හරිම තරහයි. "මම... ඔයා කොහොමද මෙහෙම කියන්නේ?" "හොඳද? අපි දෙන්න ගැන කොච්චර පත්තරේ දාලා තියෙනවද?" "ඉන්නකෝ මම... මම දාන්නම්කෝ මේ ඔයා මට ආදරෙයි කියලා මේ කවි ලියලා දාපු, 'ෆොටෝස්' දාන්නම්" කියලා පත්තරේට. එතකොට කිව්වා "මේ පිස්සු රසිකාවියෙක්" කියලා "ඔයා පැත්තකට වෙන්න. ඔයාව දන්නේ කවුද?" කියලා. මම කිව්වා "හරි". මම කිව්වා එතකොට අපේ මුතුන් මිත්තන් කියලා තියෙනවනේ කතාවක්, "කොකාට වාරයක් ආවොත්, තිත්තයාට වාරයක් එනවා" කියලා. 

අන්න ඔය වාරේ මට ආවා ඉතින් 'රතු රෝස' එකෙන් පස්සේ. '

ටෙලි නාට්‍යය රූගත කරන්න ගිහිල්ලා වෙච්ච සිදුවීම් එහෙම මතකද?

මම... ගොඩක් තියෙනවා. ඇත්තටම ඒකේ මාත් එක්ක රඟපෑවේ ඔක්කොම ජ්‍යේෂ්ඨ, ප්‍රවීණ නළු නිළියෝ. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මානෙල් වානගුරු, ආනන්ද වික්‍රමගේ, දීපානි සිල්වා, එතකොට දෙනවක හාමිනේ, කමල් අද්දරආරච්චි, වීනා ජයකොඩි. කොහොමද කට්ටිය? මම නිකන් හාල් මැස්සෙක් වගේ ඒගොල්ලන් එක්ක රඟපාද්දී. හැබැයි ඒගොල්ලන්ගේ සහයෝගය තිබුණා. ඒ ඔක්කොටම වඩා නොදෙවෙනි සහයෝගයක් රංජන් ද සිල්වාගෙන් තිබුණා. මොකද එයා දන්නවා මේ වගේ කට්ටියක් එක්ක මට රඟපාන්න අමාරුයි කියලා. හැබැයි එයා මට සම්පූර්ණයෙන්ම නිදහස දුන්නා. ඒකේ... ඒ කියන්නේ පිටපතේ තිබුණොත් මේ වචන ඔක්කොම ටික... කුමාර් 'අංකල්' ටිකක් අකමැතියි. එතකොට රංජන් ද සිල්වා කිව්වා, "නෑ, ඔයාට කැමති විදිහට කියන්න." "ඒකෙ තේරුම ඇතිව කැමති විදිහට කියන්න" කියලා. ඉතින් ඒ කාලේ කමල් හොඳටම ප්‍රසිද්ධයි. කමල්ගේ 'පීක්' (peak) එක. ඉතින් කමල් තරම් නළුවෙක් නැහැ ඒ කාලේ බලද්දී. තව නළුවෝ හිටියා. ඉතින් ඔහු තමයි ජනප්‍රිය...

ජනප්‍රියම. ඔව්.

ඉතින් එයා හරිම 'රිලැක්ස්'. එතකොට දෙනවක හාමිනේ මාත් එක්ක 'ඇක්ට්' කරද්දී, ඒගොල්ලෝ මගේ පැත්තෙන් මට හරිම සහයෝගයක් දුන්නේ. නුවර 'සීන්' එකක් තිබ්බා. කමල් මාව බලන්න එනවා. හැබැයි දැන් ගෙදරින් අකමැති වෙලා. මාව ගෙදරින්, කොළඹින් අරන් ගිහිල්ලා. මාව දැන් ගෙදර තියන්නේ. කමල්ටත් එක්ක කතා කරන්න හම්බවෙන්නේ [නෑ], මුකුත් බෑ. කොහොමහරි පණිවිඩයක් දීලා කමල් එනවා. මේ... මම ලියුමක් දාලා කමල් එනවා නුවරට මාව හම්බවෙන්න. දැන් ඉතින් මම දැන් කතා කරලා, ආයෙත් හවස තමයි එන්න කියන්නේ කියලා, මම දැන් කමල් එනකන් ඉන්නවා එක තැනක. අපි 'ගාඩ්න්' එකක හම්බවුණේ. නුවර පොඩි මල් වත්තක් තිබුණා. 'වෙල්ෂ් පාක්' එකද කොහෙද. ඉතින් දැන් රංජන් අයියා, රංජන් ද සිල්වා, ඔක්කොම කැමරා 'සෙට්' කරලා, කමල් එනවා 'සීන්' එකට. මාව බලන්න. එද්දී, දැන් කමල් නැහැ. අයියෝ... බලද්දී 'ගාඩ්න්' එක අතු ගාන, එතන හිටපු 'ගාඩ්නර්' කාන්තාවගේ මේ... මේ ඉඳල අරගෙන කමල් 'ගිටාර්' ගගහා... එහෙම නෙමෙයි එන්න තිබ්බේ. කමල් කලබලෙන් එනවනේ. 'ගිටාර්' ගගහා, ජොලියේ, හිනා වෙමින්, සින්දු කිය කිය එනවා. ඉඳලත් එක්ක 'ගිටාර්' ගගහා. ඉතින් මගේ 'මූඩ්', අපේ 'මූඩ්' ඔක්කොම 'අප්සෙට්'. ඉතින් හිනා යනවා. රංජන් අයියා බැලුවා මේක ඇත්තටම මට කැමර එකෙන් පේන එකද, නැත්නම් මේ වෙන දෙයක්ද කියලා. කැමර එක පැත්තෙන් එයා වෙනම ඔළුව දාලා බැලුවම, කමල් [එනවා]. දැන්... දෙනවක [හාමිනේ] ගැන කියන්න ඕනේ. දෙනවක [හාමිනේ] කවදාකවත් 'ස්ක්‍රිප්ට්' එකක් කියවන්නේ නැහැ.

 මට කියනවා, "දුවේ, කියවපන්." එහෙම තමයි කියන්නේ. "කියවපන් බන්, මට තියෙන කෑල්ල." පොඩ්ඩක් කියනවා. එයාට මතකයි. මාරයි. දැන් දෙනවක [හාමිනේ]ට තියෙනවා කමල්ට බනින එකක්. කමල් මුනුපුරානේ. කමල්ගේ අම්මයි තාත්තයි නැහැ. ආච්චි තමයි බලාගන්නේ. පොඩි කාලේ ඉඳන්ම. ඉතින් මෙයා හරිම 'රස්තියාදු' එක්කෙනෙක් කමල්, ඔය 'කැරැක්ටර්' එක කමල්ගේ. ඒක තමයි. මට පෙවුණට සුන්දර ආදරවන්තයෙක් කියලා, එයා ඔක්කොම 'බිස්නස්' කරනවා. රක්කු පෙරනවා, කසිප්පු පෙරනවා, මේ... මත්ද්‍රව්‍ය... ඔව්, ඒවා කරනවා. ඉතින් ආච්චි... ඔව්, ඔක්කොම දන්නවා. ඉතින් ආච්චිට හරි තරහයි කමල්ත් එක්ක. හොඳින් කතා කරන්නෙත් නැහැ. ඉතින් කමල්ට තිබුණා බනින්න. ඒකේ තිබුණේ "ගෙම්බා", "ඔව්", "නරියා"... ඔය වගේ තමයි බනින්න තිබ්බේ. දෙනවක [හාමිනේ]ට තරහයි. දැන්, දැන් මුඩුක්කුවේ... මේ කමල්ගේ මුඩුක්කුවේ... මම නැහැ එතන. මුඩුක්කුවේ දැන් දෙනවක [හාමිනේ] බනිනවා. කමල් ඇවිල්ලා ඉඳගන්නවා. "මෝඩයෝ", "ගෙම්බා"... හොඳ... ඔක්කොම සත්තු කියලා, අන්තිමට බනිනවා, බනිනවා... ඒ 'ස්ක්‍රිප්ට්' එකේ තිබ්බේ [ඒ ටික] නෙමෙයි. ඒ වුණාට ඉතින් ඒක 'ටේක්' කරා. ඒ කියන්නේ, හැබැයි වටේ, මුඩුක්කුවේ හිටපු ළමයි හිනා වෙනවා, හිනා වෙනවා දෙනවක [හාමිනේ] බනිනකොට. ඉතින් අපිට ගොඩක් වෙලා යනකන්... ඒ කියන්නේ ආයේ ගන්නකොට ආයේ ළමයි හිනා වෙනවා. ඉතින් ඒ 'ෂූටින්'කුත් අපිට කරගන්න පරක්කු වුණා. එච්චරටම මේ දෙනවක [හාමිනේ]ගේ, කමල්ගේ මේ... මේ බැනුම් ටික 'ෂූට්' කරද්දී.

මේ වගේ රස කතා ගොඩක් මැද්දෙන්. 'රතු රෝස' නිම වෙනවා. වන්දනා ලියනාරච්චි කියන නම ප්‍රේක්ෂකයන්ගේ හදවත් වල රැඳෙනවා. මිනිස්සු බලාගෙන හිටියා ආයේ කවදද අපිට වන්දනාව ටෙලිනාට්‍යයකින් දකින්න ලැබෙන්නේ කියලා. මොකද වුණේ?

ඒකත් දිග කතාවක්. ඇත්තටම ටෙලිනාට්‍යක පැත්තකින් තියමුකෝ. මම 'ප්‍රොෆෙෂනලි' 'ගාමන්ට් ඉන්ඩස්ට්‍රි' එකේ වැඩ කරපු 'පැටර්න් මේකර්' කෙනෙක්. 'කම්පියුටර් සයිඩ්' එකෙන්. මම 'ෆැෂන් ඩිසයිනර්' කෙනෙක්. ඉතින් මම 'සේල්ස්' කරලා තියෙනවා. එක එක රස්සාවල් කරාට, ඉස්සෙල්ලාම පටන් ගත්තේ මේ 'ගාමන්ට් ඉන්ඩස්ට්‍රි' එකෙන්. මම අවුරුදු දහයක් 'ගාමන්ට් ඉන්ඩස්ට්‍රි' එකේ වැඩ කරා. එච්චරටම ආදරය කරන පැත්තක් මේක. රඟපාන්න ඕන කෙනෙක්ට පුළුවන්, හැකියාව තියෙනවනේ. මේ ඉගෙන ගත්ත එක. මට 'ඩිප්ලෝමා' එකක් තියෙනවා 'පැටර්න් මේකින්'. 'ඩිග්‍රී' එකක් නෙමෙයි. ඉතින් ඒක ගොඩක් ලොකු වාසනාවක් කියලා මට හිතෙනවා. මොකද මට ඔය අංශයෙන් තමයි ඉස්සරහට යන්න ඕනේ. මගේ ආසම දේ 'පැටර්න් ඩිසයිනින්'. මට... මම මැහුවා. හැම දෙයක්ම 'ගාමන්ට් ඉන්ඩස්ට්‍රි' එකෙන් මම ඉගෙන ගත්තා. මම 'ක්ලෝතින් ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් ඉන්ස්ටිටියුට්' එකේ යද්දී, ඒ කාලේ මට දමිත් හිටියා.

 දමිත් මට සෑහෙන සහයෝගයක් දුන්නා. "මේ අංශයෙන්ම යන්න. අපි 'මෙෂින්' දාලා අපි පොඩි 'ගාමන්ට් ෆැක්ටරියක්' පටන් ගමු." "ඔයාට පුළුවන්. ඔයා මේ ටික ඉගෙන ගන්න" කියලා. ඉතින් ඒක නිසා මට මගේ රස්සාව කරන්න ආසයි කියලා. මම දිගටම... මම 'පැටර්න් මේකර්', 'සුපර්වයිසර්', අන්තිමට 'මැනේජර්' වෙලා, මම ගොඩක් රටවල් වල මම රස්සාව කරලා තියෙනවා 'මැනේජර්' කෙනෙක් හැටියට. රඟපාන්න ආසාව තිබුණත්, ඒක හිතේ ගැම්ම තිබුණා. ඇත්තටම කමල් අද්දරආරච්චි කිව්වා, "මම ඔයාව 'ට්‍රේන්' කරේ ඉස්සරහටත් රඟපාන්න කියලා." "ඒත් ඉතින් ඔයාගේ කැමැත්තනේ මේක." "ඉතින් ඒක නිසා ඔයාගේ කැමැත්තක් කරන්න" කියලා තමයි මට කමලුත් කිව්වේ. රංජන් ද සිල්වත් එහෙමයි. ඉතින් අම්මට ඇත්තටම ආස වුණේ මම මේ 'පැටර්න් සයිඩ්' එකෙන් තමයි ඉස්සරහට යන්න [ඕනේ] කියලා. ඔයාට මතකයිනේ මගේ තාත්තා මට 'මෙෂින්' එකක් අරන් දුන්නා. එයා කොහේදි හරි, කොයි වෙලේ හරි බලන් හිටියා නම්, එයා සන්තෝස වෙයි. එයා දාපු අඩිතාලම දිගේ මම ඇත්තටම... [විවාහ] වුණාට පස්සෙත්... මට පුතා හම්බවුණා. හම්බවෙලත් මම මේ රස්සාවම තමයි හිටියේ.

චාපා ඊට පස්සේ විවාහ වෙනවා. චාපා නෙමෙයි, වන්දනා විවාහ වෙනවා. වන්දනාට පුතෙකුත් ලැබෙනවා. පුතා දැන් ලොකුයි.

පුතාට අවුරුදු 27ක්. 27යි දැන්. එයා... එයා ඇත්තටම දන්නේ නැහැ පොඩි කාලේ අම්මා රඟපාලා තියෙනවයි කියලා. එයා ඉපදෙන කාලෙත් 'රතු රෝස' රූපවාහිනියකින් ගියා දවල්ට. ඊට පස්සේ එයාව හම්බවෙලත්... 'හොස්පිටල්' එකේදීත් මට එච්චර රසික කට්ටියක් හිටියා. ඒ කියන්නේ මම මොනවද... 'නර්ස්'ලා, 'සිස්ටර්ස්'ලා, 'ඩොක්ටර්ස්'ලා ඔක්කොම 'රතු රෝස'... මට 'චාපා' කියලා කියන්නේ. ඉතින් ළමයා බලාගන්නත් එන්නේ... "ඔක්කොම මාව බලන්න තමයි එන්නේ" කියලා කියනවා. "මාව බලන්න එන්නේ" කියලා. පුතාට අවුරුදු දෙකක් වෙද්දී ආයේ 'රතු රෝස' රූපවාහිනියේ පෙන්නුවා. එයාට දැන් එයා දන්නේ නැහැනේ ඉතින් මේ අම්මා රඟපාලා තියෙනවා කියලා. එයා පොඩියිනේ. 

දවසක් මම දවල් බලද්දී එයත් එනකොට, එකපාරටම ළඟට ගිහිල්ලා... දැන් අම්මා වෙනස්. අම්මාගේ කොණ්ඩේ 'කර්ලි'. හැබැයි 'වොයිස්' එක වෙනස් නැහැනේ. එයා ළඟට ගිහිල්ලා "අම්මි" කියලා බලලා, "නොට් අම්මි" කියලා දුවගෙන ආවා. මගේ පැත්තට ඇවිල්ලා මාව බදා ගත්තා. ඒ කියන්නේ අම්මාගේ 'වොයිස්' එක, [ඒත්] අම්මා නෙමෙයි. හොඳද? ඒ කියන්නේ එයාට අවුරුදු දෙකේදී. ආයෙත් එයා ලොකු වෙද්දී... මම හිතන්නේ රූපවාහිනියකින් හැම අවුරුද්දෙම... අට පාරකට වඩා 'රතු රෝස' පෙන්නලා තියෙනවා. එතකොට තව දෙයක් කියන්න ඕනේ. 'රතු රෝස' විතරක් නෙමෙයි ජනප්‍රිය වුණේ. තව නාට්‍ය ගොඩක්, ටෙලි නාට්‍ය ගොඩක් ජනප්‍රියව තියෙනවා. මම නම් වශයෙන් කියන්නේ නැහැ. හැබැයි අපිත් එක්ක [සම සමව] ගියා 'දූ දරුවෝ'. ඔයාට මතක ඇති...

ඔව්, 'දූ දරුවෝ'.

එතකොට අපිට ඉස්සෙල්ලා පෙන්නුවා. 'දූ දරුවෝ' සෑහෙන කාලයක්... මම කියන්නේ මුලදී, 'රතු රෝස' ගියේ බ්‍රහස්පතින්දා. 'දූ දරුවෝ' ගියේ ඉරිදට. ඔව්, එදාට ඔක්කොටම බලන්න පුළුවන් ගෙදර ඉද්දී. හැබැයි ඒ කාලෙත් තිබුණේ 'බ්ලැක් ඇන්ඩ් වයිට්' 14 ඉන්චස් ටීවී එක. මම හිතන්නේ ගමේ මිනිස්සු එක තැනකට යනවා ඇති. එක ගෙදරකින් ටීවී බලන්න. ඒ කාලේ එහෙමයි තිබුණේ. එතකොට 96% 'දූ දරුවෝ' මොකක් හරි අපිට 'රේටින්' එකක් හම්බවුණා. 96% 'දූ දරුවෝ' බලලා තිබ්බා කියලා. 

එතකොට අපේ තිබුණේ... අපි බැලුවම, දෙවෙනි පාර 'රතු රෝස' යද්දී ආයෙත් බැලුවම 98% බලලා තිබ්බා. හැබැයි 'දූ දරුවෝ' 96% ම තමයි තිබුණේ. මම ඒක මේ පල්ලෙහාට දාන්න කියනවා නෙමෙයි. ඒ කියන්නේ 'දූ දරුවෝ'ත් කියන්නේ ලොකු දැවැන්ත ටෙලි නාට්‍ය කෘතියක්. ඒ ගානටම අපි ප්‍රසිද්ධ වෙලා හිටියා 'රතු රෝස' එක. ඒත්... මොන රූපවාහිනියකින් ගියත්... 'රතු රෝස' ගිහිල්ලා ඉවර වෙද්දී මාස දෙකක්වත් ගියේ නැහැ, ආයේ දෙවෙනි පාර 'සේම් බෙල්ට්' (same belt), බ්‍රහස්පතින්දා, ඒ විදිහටම පෙන්නුවා.

මොන තරම් සුන්දර අතීතයක්ද?

ආයේ දැන් රඟපාන්න හිතක් එහෙම ඇත්තෙම නැද්ද?
ආසයි රඟපාන්න.
මම කැමතියි කියන්න, මම දැනට වැඩ කරන්නේ... මම රස්සාවල් කළා.
දැන් මම පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට ප්‍රීමා සිලෝන් ප්‍රයිවට් ආයතනයේ වැඩ කරනවා.
ඒකෙ මම ඉස්සරහම ඉන්නේ.
තාමත් මිනිස්සු මාව දැක්කම, මට මතක් වෙද්දී, මට ආසයි ආයෙත් රඟපාන්න.
ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය ඔක්කොම කැමතියි මම රඟපාන්න කියලා.
ඔහොම ඉද්දී මට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා 'විසල් ආදරේ'.
අපේ වාසව බදුගේ.ඔව් මල්ලිගේ 'විසල් ආදරේ' එකේ රඟපාන්න මට ආරාධනා කළා.
ඒකත් මාව හොයාගන්න බැරුව කමල්ගෙන් කන්ටැක්ට් නම්බර්ස් ඉල්ලගෙන තමයි ආවේ.
මොකද එයාත්, මම හිතන්නේ, මගේ රසිකයෙක්, වාසව බදුගේ.
ඉතින් රෂි ප්‍රභාගේ අම්මාගේ චරිතය තමයි මම ඒකේ රඟපෑවේ. ආසයි.

ඒ කියන්නේ අවුරුදු, මම හිතන්නේ 28කට විතර පස්සේ, 'විසල් ආදරේ' ෆිල්ම් එකේ පුංචිම පුංචි කොටසක් කළා.
ඒකෙ මට සීන්ස් දෙකයි තිබ්බේ.
මම ඒක හොඳට කළා කියලා හිතනවා.
මොකද අවුරුදු ගාණකට පස්සේ ආයේ රඟපානවයි කියන්නේ නිකන් පුරුදු නැති දෙයක් වගේ.
රඟපාන දේවල් වෙලාවලත් තියෙනවා.
ඒ වුණාට කැමරා එකක් ඉස්සරහා රඟපාන්න...

අධ්‍යක්ෂකවරයෙකුට වන්දනාව සම්බන්ධ කරගන්න ඕනෙ නම් සිනමා නිර්මාණයකට හෝ ටෙලි නාට්‍යයකට...

සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දවස් වල රූපගත කිරීම් කරන්න කැමති නම්, මේ කියන විදිහට ඇය ඔබේ නිර්මාණ කාර්යයට සහභාගී වන්න කැමති වේවි.
හොඳ පිටපතක්.
ඇය කැමති චරිතයක් ඇයට.ලැබුණොත්.

අද මේ කතා බහට එකතු වුණාට බොහොම ස්තුතියි.
ඉතින් වන්දනාගේ ජීවිතය සාර්ථක වේවා, ජීවිතයේ බලාපොරොත්තු සියල්ලම මල්ඵල ගැන්වේවා.
යහපතක්ම වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Source – Gossip Lanka News

සාකච්ඡාව - කැලුම් විජේසූරිය 
යූටියුබ් වීඩියෝව - https://www.youtube.com/watch?v=zehjSJiIAeU

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post