
රාජ්‍ය ආයතන සහ පාසැල් මත්ද්‍රව්‍යවලින් තොර කිරීමේ පූර්ණ වගකීම අදාළ ආයතනවල ප්‍රධානීන්ට පවරමින් විශේෂ චක්‍රලේඛයක් අද(17) දින නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා.
ඒ අනුව අඳාළ ගැසට් නිවේදනය අනුව කිසියම් ආයතනයක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටී නම් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් සිටී නම් ඔවුන් පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කිරීම ද අදාළ ප්‍රධානීන්ට පැවරෙනු ඇති බව සඳහන්.
ඔහු මේ බව සඳහන් කළේ රටම එකට ජාතික මෙහෙයුමේ කලුතර දිස්ත්‍රික් මෙහෙයුම් සභා රැස්වීමට එක්වෙමින්.