'BYD EV' අර්බුදය නිල වශයෙන් හෙළි කෙරේ

ආර්ථික ගැටලු නිසා ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම නවතා තිබී පසුගිය පෙබරවාරියේ නැවත එය ආරම්භ කළ අවස්ථාවේ සිට වාහන ආනයනයේ ප්‍රමුඛයා බවට පත්ව සිටියේ චීනයෙන් BYD EV රථ ආනයනය කළ ජෝන් කීල්ස් ඔටෝ සමාගමයි.

ශ්‍රී ලංකාවේ ඉහළම විශ්වාසය දිනූ සන්නාම නාම ඇති ව්‍යාපාර රැසක හිමිකරු වන ජෝන් කීල්ස් සමූහය කීල්ස් සුපිරි වෙළෙඳසල්, සිනමන් හෝටල්, සිනමන් එයාර්, එලිෆන්ට් හවුස්, යුනියන් ඇෂුවරන්ස්, නේෂන්ස් ට්‍රස්ට්,කේ සෝන් ඇතුළු නමදිනූ ව්‍යාපාර රැසක් පවත්වා යන අතර මෙම විශ්වාසය මත පිහිටා බිලියන ගණනක් මුදල් වාහන ගෙන්වීමට  'ප්‍රී ඕඩර්ස්'  සිදුකරන්නට ජනතාව පෙළැඹිණි.

රජයේ ආනයන අවසරය සමග ඒවා ලංකාවට විගස ගෙනෙවිත් බෙදාහරින්නට මෙන්ම ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට ශාඛා විවෘත කිරීමට මෙම සමාගම කටයුතු කළ අතර මෙය සැබැවින්ම ලංකාවේ වාහන ආනයනය කරමින් සිටි සාම්ප්‍රදායික සමාගම් වලට හා කුඩා සේල් කරුවන්ට අභියෝගයක් විය.

ජපන් වාහන අසාධාරණ මිල ගණන් වලින් ලාභ තියාගෙන විකිණූ සේල් හිමියන් මේ වෙනුවෙන් විශාල මාධ්‍ය හඩක් නැගූ අයුරුද වාර්තා විය.

BYD EV බැටරි බල රථ හා පෙට්‍රල් බැටරි ද්විත්ව බලයෙන් ක්‍රියාකරන BYD PHEV රථ කිහිපයක් ආරම්භයේදී මෙම සමාගම ගෙන්වූ අතර විරුද්ධවාදීන් පැමිණිලි කරේ ලංකාවට ගෙන්වන BYD EV රථ වරායෙන් නිදහස් කරද්දී බදු වලින් අඩු අගයක් ගෙවන්නට අපේක්ෂාවෙන් සැබෑ ලෙස 150 KW බැටරිය 100 KW ලෙස මෘදුකාංග මගින් වෙනස්කර පෙන්නුම් කරමින් ගෙන්වන බවයි.

නමුත් ජෝන් කීල්ස් සමාගම තරයේ කියා සිටියේ නේපාලයට සිංගප්පූරුවට මෙන් 100 KW සහිත බැටරියක් මෙරටට ගෙන්වන බවත් වංචාවක් කර නැති බවත්ය. මෙම කාරනාව උසාවියට ගිය අතර මේ හේතුවෙන් දිගටම සිදුවූ BYD EV වාහන ගෙන්වීම ක්‍රියාවලිය තාවකාලික ඇණහිටීමකට ලක්වූයේ උසාවිය මෙය තවම විසඳා නැතියෙන් විසඳන තෙක් ගෙන්වූ වාහන අවසන් කොටස නිදහස් කිරීමට අවසර නැති නිසාය.

මෙම අවනඩුව උසාවියේ තවම විසඳා අවසන් තීරණයකට එළැඹ නැති අතර ගෙන්වා ඇති වාහන කොටසක්ද නිදහස් කර නැත.

මේ අතර මුදල් ගෙවූ පාරිභෝගිකයින් සමාගමට බැණවදිමින් හා මැසිවිලි නගමින් සමාජ මාධ්‍ය තුළ තමන්ට සිදුවූ අසාධාරණය පැහැදිලි කරමින් සිටිනුද වාර්තාවිය. සමාගම මේ වනවිට අලුතින් BYD EV රථ ගෙන්වන්නේද නැති අතර BYD PHEVපමණක් ගෙන්වමින් බැටරි ධාරිතා ගැටලු නැති නිසා එම ව්‍යාපාරය කරගෙන යමින් සිටී.

මේ අතර අසාධාරණයට ලක්වූ BYD EV වාහන සඳහා ප්‍රීඕඩර්ස් කළ කණ්ඩායම අද (30) දින සමාගම මගින් කළ කැඳවීමකට අනුව රැස්වීමකට සහභාගී වූ අතර එහිදී 2025 සැප්තැම්බර් 11 වන දිනට පෙර EV සඳහා වෙන් කිරීම් සිදු කළ ගනුදෙනුකරුවන්ට විකල්ප තුනක් පිරිනමා ඇත: 

(1) විශේෂ වට්ටමක් සහිතව BYD SEALION 5 රථයකට මාරු වීම (16900000)

(2) පොලිය සමඟ මුදල් ආපසු ලබා ගැනීම (2025 ඔක්තෝබර් 10 වන දින වන විට තහවුරු කරන්නේ නම්); හෝ (3) රේගු තීරණය හෝ නඩු කටයුතු අවසන් වන තෙක් ඔවුන්ගේ මුල් වෙන් කිරීම රඳවා තබා ගැනීම.

සමාගම තරයේ පවසන්නේ බැටරි ධාරිතාව තමන් වෙනස් කර නැති බවත් ප්‍රශ්නය ඇත්තේ උසාවි ගිය රේගුවේ සැකය මත පමණක් බවත්ය.එය නඩුවාර කැඳවීම සිදුවූ පසු ඉක්මණින් විස‍ෙඳනු ඇතැයි සමාගම පවසයි.

මේ අතර අද (30) සන්ධ්‍යා කාලයේ ජොන් කිල්ස් ඔටෝ සමාගම සිය නිල ෆේස්බුක් පිටුවෙන් මෙම ගැටලුව ගැන නිල නිවේදනයක්ද නිකුත් කර ඇත.

පහත පළවන්නේ එහි සිංහල පරිවර්තනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post