
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය හෙට (22) මධ්‍යාහ්න 12.00 දක්වා වලංගු වේ, යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂාමය තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර, තත්පරයට ඝණ අඩි 5,038ක තරම් සීග්‍රතාවයකින් ජලය මුදාහරිමින් පවතින බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන්, එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් කරන වාහන පදවන්නන්ට දැඩි සැළකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.