
ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතය.
2026 වර්ෂයේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටී.
ඒ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රෙණියේ සහ 6 ශ්‍රෙණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
නව ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ 1,2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය, 3,4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය සහ 5 වන ශ්‍රේණියේ තෙවැනි ප්‍රධාන අවධිය ලෙසය.
1 සිට 5 ශ්‍රේණි දක්වා විෂයමාලාව සැකසී ඇත්තේ මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, ආගම සහ සාරධර්ම අධ්‍යාපනය, ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකරකම්, ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සහ විෂය සමගාමි ක්‍රියාකාරකම් යනාදී පොදු ඉගෙනුම් ක්ෂේත්‍ර 9ක් යටතේය.
ප්‍රාථමික අංශයේ 1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර 5 වැනි ශ්‍රේණිය සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිතය.
පළමු ශ්‍රෙණියේ සිසුන් සඳහා පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ක්‍රියාකාරකම් පොත් ලබාදීමට සැලසුම් කර ඇත.
කණිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර ලබන වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා නව විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද උපදෙස් සංග්‍රහයේ සඳහන් වේ.
එම ශ්‍රේණිවල සියලු සිසුන් අනිවාර්යය විෂයන් 14ක් හැදෑරීමට අවශ්‍ය වන අතර ක්‍රීඩා හා සමිති සමාගම් සඳහා සහභාගී වීමට ද සෑම දරුවෙකුටම අවකාශ ලබා දී තිබේ.
අනිවාර්යය විෂයන් 14 මොඩියුල මගින් ඉගැන්වීමට අපේක්ෂා කෙරෙන අතර විෂයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍යම මොඩියුල සංඛ්‍යාව තීරණය වනු ඇත.
06 වැනි ශ්‍රේණියේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ලෙස නව විෂයන් තුනක් හඳුන්වාදීමට නියමිතය.
කණිෂ්ට ද්විතීක අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා සිදු වන අතර මිනිත්තු 50 බැගින් කාලපරිච්ඡේද 7ක් මෙහිදි හඳුන්වා දී ඇත.