
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් මාසයට අදාළව සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව, රුපියල් 299ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු05කින් පහල ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 294ක්.
එමෙන්ම රුපියල් 313ක්ව පැවති, සුපර් ඩීසල් ලීටරයක මිලද රු. 5කින් ඉහල ගොස් එහි නව මිල මිල රුපියල් 318යි.
අනෙකුත් ඉන්ධන වර්ගවන රුපියල් 335ක්ව පැවති, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල එලෙසම පවතිනවා.
රුපියල් 277ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිලත් සංශෝධනය වන්නේ නැහැ.
රුපියල් 180ක්ව පැවති, භූමිතෙල් ලීටරයක මිල ද වෙනස් නොවන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම සිපෙට්කෝ මිලට සමගාමීව ලංකා අයිඕසී සමාගමද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.