හෙට දින රට පුරා දැවැන්ත වැඩවර්ජනයක්

හෙට (31) දිනයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

අද (30) දිනයේ සිට මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සිදුවිය හැකි සේවා බිඳවැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බව සංගමය අවධාරණය කර ඇත.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post