
මේ කියන්න යන්නේ තවත් සුවිශේෂී වූ කාරණයක් ගැන කතාවක්..
රාජ්‍ය සේවයට අලුතින් 8,547 දෙනෙකු බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
රජයේ අමාත්‍යාංශ, පළාත් සභා හා කොමිෂන් සභාවලට මේ පිරිස බඳවා ගැනීමට නියමිතයි.
ඒ අනූව වැඩිම පිරිසක් වන 5,198 දෙනෙකු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත බඳවා ගැනීමට නියමිතයි.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා 1,261ක් සහ බස්නාහිර පළාත් සභාවට 414ක් මෙන්ම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත 355 දෙනෙකු බදවා ගැනීමට නියමිතව තිබෙනවා.
මෙකී රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉකුත් 2024-12-30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හිමිව තිබුණා.
එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන,පසුගිය (02) වැනිදා පැවති එම කමිටු රැස්වීමේදී නිර්දේශ ලබාදී තිබෙනවා.
ඒ අනූව බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.