
ලබන වසර (2026) සඳහා පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍රේණියට පෙළපොත් ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ඒ අනුව එම සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පොත් හා මොඩියුලර් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
මෙම වැඩපිළිවෙළ මගින් පළමු සහ හයවන ඒ ශ්‍රේණිවල දරුවන්ගේ පාසල් පොත් බෑගයේ බරද අඩුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.