
ගොඩකවෙල නගරයේ ප්‍රධාන පාසලක දරුවන් දහතුන්දෙනකු ආහාර විෂවීමකින් පෙරේදා (15 දා) රෝහල්ගත කර ඇතැයි දෙමාපියන් පවසති. මෙසේ රෝගාතුරව ඇත්තේ එම පාසලේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසකි.
පෙරේදා (15 දා) පාසල් කාලය තුළදී විෂය ක්‍රියාකාරකම් සඳහා 6 ශ්‍රේණියේ දරුවන් සැන්ඩ්විච් සකස් කර ආහාරයට ගෙන ඇති අතර එම ආහාර අනුභව කිරීමෙන් පසු සංකූලතා මතුවූ දරුවන් දහතුන්දෙනකු ‘සුවසැරිය’ ගිලන් රථ හා වෙනත් වාහන මගින් ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.
මේ පිළිබඳ එම පාසලේ විදුහල්පති ජිනාල් ගුණරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, පාසලේ දරුවකු රැගෙන ආ ආහාර දරුවන් පිරිසක් කෑමට ගැනීමෙන් පසු බඩේ අමාරුව සෑදී රෝගාතුරවූ බවත්, පාසලේ ගුරුවරුන් විසින් දරුවන් රෝහල් ගතකර ඇති බවත්ය.
එම ආහාර පාසල් කැන්ටිමේ ආහාර නොවන බවත් තමන් පෙරේදා වැඩසටහනකට සහභාගී වූ බැවින් රෝහල් ගතකර ඇති දරුවන් ගණන නොදන්නා බවත් විදුහල්පතිවරයා පැවසීය.
සංකූලතා මතුවූ දරුවන් දහතුන්දෙනකු ගොඩකවෙල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ අතර ප්‍රතිකාර ලැබූ දරුවන් පෙරේදාම රෝහලෙන් පිටව ගිය බවද රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
රක්වාන – ගයාන් තිලකරත්න