
කෙන්යාවේ වෙරළබඩ කලාපයක් වන ක්වාලේ හිදී කුඩා ගුවන් යානයක් අද උදෑසන කඩාවැටීමෙන්, එහි ගමන් කළ පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානයේ කිසිවකු දිවිගලවාගෙන නැති බවයි.
අඳාළ සෙස්නා කැරවන් වර්ගයේ ගුවන් යානය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මසායි මාරා රක්ෂිතය වෙත ගමන් කරමින් සිට තිබෙනවා.
එසේම මෙම අනතුර සිදුව ඇත්තේ ඩියානි ගුවන් පථයේ සිට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) පමණ දුරින් පිහිටි කඳුකර සහ වනාන්තර ප්‍රදේශයකදී බව සඳහන්.
ගුවන් යානය ගුවන්ගතවී මිනිත්තු කිහිපයකට පසුව එය කඩාවැටී ඇති අතර, එය ගිනිගෙන පුපුරා යාම නිසා එම ස්ථානයේ පිළිස්සුණු සුන්බුන් පමණක් ඉතිරි ව ඇති බව සඳහන්.
මේ අතර අනතුරට පෙර විශාල පිපිරුම් ශබ්දයක් ඇසුණු බව අසල්වාසීන් පවසා ඇත.
එසේම අනතුර සිදුවූ ස්ථානයට පැමිණි විට ඔවුන්ට හඳුනාගත නොහැකි මිනිස් සිරුරු කොටස් හමු වී ඇත.
එසේම අනතුරට පත් යානයේ ගමන් කළ පුද්ගලයන් සියලුදෙනාම විදේශීය සංචාරකයින් බව ක්වාලේ ප්‍රාන්ත කොමසාරිස් ස්ටීවන් ඔරින්ඩේ ප්‍රකාශ කර තිබෙනවා.
එසේ වුවත් මගීන්ගේ ජාතිකත්වය හෝ ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ නිශ්චිත සංඛ්‍යාව වහාම තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇත.
එහෙත් අනතුරුව මොම්බාසා එයාර් සෆාරි නම් ගුවන් සමාගම සඳහන් කළේ ගුවන් යානයේ මගීන් 10 දෙනෙකු රැගෙන ගිය බවත් ඒ අතර හංගේරියානු ජාතිකයන් අට දෙනෙකු සහ ජර්මානුවන් දෙදෙනෙකු වූ අතර නියමුවා කෙන්යානු ජාතිකයෙක් බවත් ය.
මේ අතර කෙන්යා සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුරට හේතුව විමර්ශනය කරයි. එසේම යානයට අයත් මොම්බාසා එයාර් සෆාරි ගුවන් සේවය ඔවුන් සිවිල් ගුවන් සේවා ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළා.