
මේ සිද්ධිය ගැන අදටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන පසුබිමක මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ ආරංචියක්.
පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාල බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්ල පොලිසිය විසින් මෙලෙස ඔහුඅඩංගුවට ගනු ලැබුවේ, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අදාළ බස් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
නිසි ලෙස බස් රථය නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරට පත් වන අවස්ථාවේ එම බස් රථයේ පිටුපස දකුණු රෝදයේ බ්‍රේක් අක්‍රිය වී තිබුණ බවයි සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී තිබුණේ.