අල්ලස් ගැනීමට වරදකරු වූ හිටපු ඇමතිවරයෙක්ට මරණ දඬුවම



චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට, අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2007 සිට 2024 දක්වා විවිධ තනතුරු දරමින් ටැන්ග්, යුවාන් මිලියන 268කට (අමෙරිකානු ඩොලර් මිලියන 37.6) වැඩි මුදලක් සහ දේපළ ඇතුළුව අල්ලස් ලබා ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු තමා සිදු කළ අපරාධ පිළිබඳව පාපොච්චාරණය කර ඇති නිසා මහජන අධිකරණය ඔහුගේ මරණ දඬුවම වසර දෙකකට අත්හිටුවා තිබෙනවා.

මෙම කරුණු පිළිබඳව දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය විසින් විමර්ශනයට ලක් කර ඔහු තනතුරෙන් ඉවත් කිරීමෙන් මාස හයකට පසු, 2024 නොවැම්බර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) විසින් ටැන්ග් නෙරපා හරිනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post