තවත් අමානුෂික ඝාතනයක්, හිතක් අපුවක් නැති විදිහට තාත්තාම පුතාව ගහලා මරලා

දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු මඟින් ඊයේ (19) දින ඔහුගේ බිරිඳට හා පුතුට පහරදී පුත්‍රයා ඝාතනය කර ඇති බව දේවාලේගම පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව තුවාල ලැබූ බිරිඳ කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව එහිදී පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

වාර්තා වූ ලෙසට මරණකරු වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ඒ අනුව දැනට සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ පවුල් ආරවුලක් නිසා පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

එසේම මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දේවාලේගම පොලිසිය සිදු කරනු ලබන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post