
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්. ඔබත් මෙන්න මේ ප්‍රදේශවල නම් සැලකිලිමත් වෙන්න.
මේ ගෙවී යන්නේ ස්වාභාවික ආපදා වැඩියෙන් සිද්ධවෙන කාලයක්.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක නවයක් සඳහා තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් හා බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස එම සංවිධානය දැනුම් දෙනු ලබන්නේ.
ඒ අනුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.