නිදියහනේදීම බිරිඳව එළොව යැවූ සැමියා ගැන අද ඇසෙන වෙනස්ම ආරංචිය මෙන්න..

ඇගේ මරණය ගැන බොහෝ දෙනා කතා කළේ ඒ වුණු සිදුවීම ඒ තරම්ම කෘර නිසා බව කියන්න පුළුවන්. මේ අන්න ඒ සිද්ධිය ගැන ඇසුණු තවත් එක් විශේෂ ආරංචියක්. 

නිදි යහ­නේදී තම බිරිය ඝාත­නය කළ බවට සැක­පිට දඹුල්ල පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගත් සැමියා ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත­ක­රන ලෙස දඹුල්ල දිසා විනි­සුරු නිලන්ත විම­ල­රත්න ඊයේ (16) නියෝග කළා.

මෙසේ බන්ධ­නා­ගාර ගත­වූයේ චාමර දන්දෙ­නිය නමැති එක්දරු පියෙක්.

නිදි යහනේ මිය­ගොස් සිටි රාජ්‍ය සේවි­කා­වගේ මර­ණය ඝාත­න­යක් බව සිදු කරන ලද පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී හෙළි වීමත් සමඟ ප්‍රකාශ ලබා දීමට මරණ පරී­ක්ෂ­ණ­යට පැමිණ සිටි ඇයගේ සැමියා පසුගිය දා සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් බව දඹුල්ල පොලී­සිය කියයි.

මෙසේ ඝාත­න­යට ලක්වී ඇත්තේ දඹුල්ල, තිත්ත­වැ­ල්ගොල්ල ප්‍රදේ­ශයේ පදිංචි තාරුකා කෞෂල්‍යා නිස්සංක (34) නමැති එක් දරු මවකි. ඇය ගලේ­වෙල කලාප අධ්‍යා­පන කාර්යා­ලයේ කළ­ම­නා­ක­රණ සේවා නිල­ධා­රි­නිය ලෙස සේවය කර­මින් සිටි­යාය.

දඹුල්ල, තිත්ත­වැ­ල්ගොල්ල ප්‍රදේ­ශයේ නි‍ෙව­සක කාම­ර­යක් තුළ පසු­ගිය දහ­තුන් වැනි දින කාන්තා­වක් නිදි යහනේ සිටි­යදී මිය­ගොස් ඇති බව පොලී­සි­යට තොර­තුරු ලැබී තිබිණි. ඇයගේ සැමියා පොලී­සි­යට ප්‍රකාශ කොට තිබුණේ තම බිරිය විභා­ග­යක් සඳහා පාඩම් කර­මින් සිට සවස හත­රට පමණ නින්දට ගිය බවත් රාත්‍රී නව­යට පමණ අවදි කර­වන ලෙස දැනුම් දුන් බවය.

ඒ අනුව රාත්‍රියේ බිරිය අවදි කිරී­මට ගියද ඇය අවදි නොවීම නිසා අස­නීප තත්ත්ව­යක් ඇතැයි සිතා 1990 ගිලන් රථ සේවය සේව­යට ඇම­තු­මක් ලබා දුන් බවද ඔහු පොලී­සි­යට ප්‍රකා­ශ­කොට තිබිණි. ගිලන් රථ සේවාවේ පිරිස පැමිණ තම බිරිය මිය­ගොස් ඇති බව ප්‍රකාශ කළේ යැයි ඔහු වැඩි­දු­ර­ටත් පොලී­සි­යට කියා ඇත.

කෙසේ වෙතත් මෙම මර­ණය පිළි­බඳ බර­ප­තළ සැක කළ දඹුල්ල මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක සුගත් විජේ­සු­න්දර මහතා පොලිස් නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන්නේ මෙම මර­ණය පිළි­බ­ඳව විධි­මත් පරී­ක්ෂ­ණ­යක් වෙනත් සිද්ධීන් ඔස්සේ පව­ත්වන ලෙසය. ඒ අනුව දඹුල්ල පොලී­සිය මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් දඹුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර­මින් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට අව­සර ලබා­ගෙන තිබිණි. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය 15 දින පෙර­ව­රුවේ දඹුල්ල රෝහ­ලේදී විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය කේ.එන්.සී. සේනා­රත්න මහතා පැවැ­ත්වීය. එහිදී මර­ණ­යට හේතුව ලෙස වෛද්‍ය­ව­රයා සඳ­හ­න්කොට ඇත්තේ හිසට බර­ප­තළ හානි සිදුව හිසේ අභ්‍ය­න්ත­ර­යට ලේ වහ­නය වීමෙන් මෙම මර­ණය සිදු වී ඇති බවයි.

විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­ර­යාගේ තීන්දුව ලැබී­මත් සමඟ ප්‍රකාශ සට­හන් කර­ගැ­නීම සඳහා අධි­ක­රණ වෛද්‍ය භූමි­යට පැමිණ සිටි මිය­ගිය කාන්තා­වගේ සැමියා සැක­පිට අත්අ­ඩං­ගු­වට ගැනී­මට එහි පරී­ක්ෂණ මෙහෙ­ය­ව­මින් සිටි දඹුල්ල පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂක ඩබ්ලිව්.එච්.එම්. නිශාන්ත හේරත් මහතා පිය­වර ගෙන තිබිණි. දඹුල්ල මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක සුගත් විජේ­සු­න්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් පරී­ක්ෂණ සිදු කරති.

දිනමිණ පුවත්පත ඇසුරෙන්.. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post