
මේ මගී ජීවිත තුට්ටුවකට මායිම් නොකර රේස් පැද්ද බස් දෙකකට ලැබුණු දඩුවමක් ගැන ඇහෙන කතාවක්...
මහනුවර සිට හැටන් දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට ගමන් ගත් පෞද්ගලික බස් රථ දෙකේ ගමන් වාර විමර්ෂණයකට යටත්ව අද දින සිට අත්හිටුවීමට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
බස් රථ දෙක මාර්ග නීති උල්ලංගණය කරමින් ධාවනය කරන අයුරු මාධ්‍ය මගින් හෙලිදරවු කිරිමෙන් පසු ඒ පිලිබදව අවධානය යොමු කල මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා එම බස් රථ දෙකේ ගමන් වාර විමර්ෂණය අවසන් වනතෙක් තාවකාලිකව නතර කිරිමට මෙලෙස පියවර ගෙන ඇත.
බස් රථ දෙකම මහනුවර බස් නැවතුම්පොලේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇති අතර, ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදි හමු වීමත් සමග එම බස් රථ දෙකේ රියදුරන් හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස බස් රථ ධාවනය කරවන අයුරු බස් රථ දෙකේ පසුපස යතුරු පැදියක පසුපස ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා.
පසුව ඔහු හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිල්ලක් වශයෙන් එය ඉදිරිපත් කර තිබුණා.
වහා ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් වෙත දැනුම් දීමෙන් පසු රියදුරන් දෙදෙනා හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් කැදවා මාර්ග නීති උල්ලංගණය කරමින් අනතරාදායක ලෙස රිය ධාවනය කිරිම යන චෝදනා යටතේ දඩ පත් නිකුත් කරනු ලැබිය.