මෙන්න මේ අයට හෙට, විශේෂ අවස්ථාවක්...

ලෝක ළමා දිනය දා වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලෝක ළමා දිනයට සමගාමීව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන වැඩසටහන් පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින්.

එම අවස්ථාවට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ “ආදරයෙන් සුරකින්න අපට ලොව දිනාගන්න ” යන තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරීමට ජාතික සත්වෝද්‍යානය ද සූදානම් වෙමින් සිටින බවයි.

ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්වල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානයට සහ රිදියගම සෆාරි උද්‍යානය යන උපායතන වයස අවුරුදු 12න් පහළ ළමුන් ඇතුළත් කර ගැනීම නොමිලේ සිදු කරන බවයි ඒ මහතා කියා සිටියේ.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලුම උපායතනවල ලෝක ළමා දිනය සැමරීම උත්සවාකාරයෙන් සිදුකරනු ලබන අතර ඒ සෑම ආයතනයකම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන්ද සූදානම් කර තිබෙන බවද එහි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post