අයිස් රසායන ද්‍රව්‍ය කන්ටේනරය කොළඹ වරායෙන් මිද්දෙණියට ගිය හැටි වීඩියෝවක

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට නිෂ්පාදනය කිරීමට සූදානම් වූ අයිස් මත්ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට අවශ්‍ය කරන මෙරටට ආනයනය කළ රසායන ද්‍රව්‍ය තොගය රැගත් කන්ටේනරය කොළඹ වරායේ සිට මිද්දෙණියට රැගෙන යන අයුරු සහිත වීඩියෝ පටයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි ද මෙම කන්ටේනර් රැගෙන යන ස්ථානයේ රැඳී සිටින බව වීඩියෝ පටවලින් හඳුනාගෙන ඇත.

මෙම කන්ටේනර්වල තිබූ රසායන ද්‍රව්‍යවලින් කොටසක් නුවරඑළියටත්, තවත් කොටසක් කඳානේ පිහිටි නිවස වෙතත් රැගෙන යන අයුරු මෙම වීඩියෝ පටවල සටහන්ව ඇත.

මේවා වීඩියෝ කර ඉන්දුනීසියාවේ සිටි කෙහෙල්බද්දර පද්මෙට කිසියම් පුද්ගලයකු වට්ස්ඇප් මාර්ගයෙන් යවා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

හේමන්ත රන්දුණු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post