
බැංකු කටයුතු අන්තර්ජාලය හරහා කරන ඔබ මේ ගැන දැනුවත් විය යුතුමයි.
මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමානව සකස් කරන ලද වෙබ් අඩවි ගණනාවක් මගින් පුද්ගලයන් රැවටීමකට ලක්කර රුපියල් කෝටි 600 කට අධික මුදලක් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (03) දිනයේ දන්වා සිටියා.
මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා.
අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකුවේ ඩිජිටල් ගනුදෙනු සේවා සපයන නිල වෙබ් අඩවියට සමානව සකස් කරන ලද ව්‍යාජ වෙබ් අඩවි ගණනාවක් මගින් පුද්ගලයන් රැවටීමට ලක්කර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා තිබෙනවා.
සංවිධානාත්මක සයිබර් අපාධකරුවන් පිරිසක් විසින් අදාළ පුද්ගලික බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි සකස් කරමින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇත්දැයි සෙවීමට විමර්ශන පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් දන්වා සිටියා.