තවත් කණගාටුදායක පුවතක්.. නර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් හදිසි අනතුරකට ලක්වෙයි.. පිරිසක් රෝහලේ..

බණ්ඩාරගම - කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී ලොරියක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලබා ඇති පිරිස අතර නර්තන කණ්ඩායමක සාමාජිකයන් දස දෙනෙකු සහ එකම පවුලේ මවක් සහ දුවක් වන බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් 7දෙනෙකු බණ්ඩාරගම දිසාරෝහලේ ප්‍රතිකාර ලබන බවත් පස්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත යොමු කළ බවත් බණ්ඩාරගම දිසාරෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ලොරි රථය මොරන්තුඩුව දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පැමිණ, ලොරි රථයේ ගැටී පෙරළීමත් සමඟම ලොරි රථ රියදුරු තිරිංග තද කර ඇති අතර ලොරියේ පිටුපසින් පැමිණි වෑන් රථය ලොරියේ ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

එම අනතුරක් සමගම ප්‍රදේශවාසීන් විසින් ලොරි රථ රියදුරට පහරදී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

වෑන් රථයේ ගමන් ගත් පිරිස වස්කඩුව, පොතුපිටිය සිට හලාවත ප්‍රදේශයේ පෙරහැරකට සහභාගි වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලීසිය පැවසීය.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ දුව කොළඹ ජාතික රෝහලේ සායනයකට සහභාගී නැවත නිවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අනතුරත් සමඟම බණ්ඩාරගම කළුතර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post