කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ හෙට සිට මාස 10ක් වැසෙයි

නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ මධ්‍යම බස්නැවතුම්පළ පරිශ්‍රය (ශ්‍රීලංගම) හෙට (11දා) සිට මාස 10ක් වසා තැබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා “දිවයින”ට පැවැසීය.

එම කටයුතු අවසන් වනතුරු පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ සිට බස් රථ ධාවනය කෙරෙන බවද ඒ මහතා කියා සිටියේය.

මෙම කාලය තුළ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන බවද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී විශේෂයෙන් කානු පද්ධති, කාර්යාල උපකරණ, ජනෙල් දොරවල් නවීකරණයට ලක් කෙරෙන බවත්, මගී ජනතාවට සුවපහසු බස් රථ නැවතුම්පළක් බවට ඉදිරියේදී මෙය පත්වන බවත් හෙතෙම කීය.

දිනකට මෙම බස් නැවතුම්පළින් වෙනත් ප්‍රදේශවලට මගී ජනතාව 75,000කට අධික පිරිසක් ප්‍රවාහනය කරන බවද ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post