අබිරහසක් ඉතුරු කරමින් මන්ත්‍රීවරයෙක් ඇතුළු නිවැසියන්ගේ මළ සිරුරු හමුවෙයි..



මේ කියන්න යන්නේ තවත් එක් ඇඟ සලිත වන ආරංචියක්.. ඇත්තටම මේ කතාව අවසානයේ ඇත්තේ තවත් නොවිසඳුනු අබිරහසක්ද..?

ඊයේ (28) රාත්‍රී කාලයත් අද (29) අළුයම් කාලයත් අතරතුර දී පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු නිවස තුළම මියගොස් සිටින බවටත් පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා..

පේරාදෙණිය - යහලතැන්න - සුනිලගම ප්‍රදේශයේ පිහිටි නිවසේදී යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන තිබෙනවා..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් කියා සිටියේ එම නිවසේ නිදන කාමරයක් මත තිබී ඔහුගේ බිරිඳගේ සහ වැඩිමහල් දියණියගේ ද මළ සිරුරු සොයාගෙන ඇති බවයි..

සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ වයස අවුරුදු 52ක් වන අතර බිරිඳ 44 හැවිරිදි වියේ පසුවනවා..

එමෙන්ම වැඩිමහල් දියණිය 17 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ..

බිරිඳ සහ දියණියගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඔහු සඳහන් කළා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post