
මීගමුව දුංගල්පිටිය ලෙල්ලම පොලිස් මාර්ග බාධකය හරහා පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
තුවාල ලද පුද්ගලයා කටාන අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයෙකි.
යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට දුංගල්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මාර්ග බාධකයකදී යතුරුපැදිය නැවතීමට අණ කිරීමත් සමගම එය නොනවත්වා ධාවනය කිරීමේදී එය ලොරියක ගැටී අනතුරට ලක් වී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා පලායමින් සිටියදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී එලෙස තුවාල ලබා ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව රත් කළ පොලිස් වෙඩිල්ලේ නවතම දර්ශන...කොහොමද මල්ලේ තිබ්බ භාණ්ඩේ - Hiru News හිරු නිවුස් වට්ස් ඇප්චැනල් එක දැන්ම follow කරන්න https://whatsapp.com/channel/0029Va9VQkmKGGGGn3oDPS15 #Hirunews #HiruNewsSinhala #TruthAtAllCosts #news #latestnews #srilanka #srilankanews #LKA #negambo #shoot
Posted by Hiru News on Thursday, July 3, 2025
දුන්ගල්පිටියේ වෙඩි පත්තුවෙන්න කලින් පොලිසියෙන් ඇල්ලූ සැකකරු ළඟ සෙල්ලම් තුවක්කුවක් - Hiru News හිරු නිවුස් වට්ස් ඇප්චැනල් එක දැන්ම follow කරන්න https://whatsapp.com/channel/0029Va9VQkmKGGGGn3oDPS15 #HiruMedia #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #Dungallpitiya #ShootingIncident #ToyGun #SuspectArrested
Posted by Hiru News on Thursday, July 3, 2025