කදානේ මහපාරේ වෙඩි තියයි.. අයෙක් මරුට.. හිටපු ඇමති ලේකම්ටත් වෙඩි..

2025.07.03 වන අද දින උදෑසන කාලයේ කඳාන පොලිස් වසමේ කඳාන පොදු වෙළඳසැල අසල ප්‍රදේශයේදි යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ගිනි අවියකින් වෙඩි තබා පලා යාමක් සම්බන්ධව කඳාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කරන ලදි.

වෙඩි තැබීම හේතුවෙන් කාර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 50 ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද ගිනි අවිය පිළිබඳ අනාවරණය කරගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඳාන පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

තුවාල කරුවන් අතර හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකුත් සිටින බව පැවසෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post