
සැමියාගේ අවසරය අනුව තවත් තරුණයන්ට පෙම්කළ තරුණියක් පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.
එලෙස පෙම් කර ඇත්තේ මුදල් කඩා ගැනීම සඳහා බව සදහන්.
එම කාන්තාව විසින් බුලත්සිංහල ප්‍රදේශයේ තරුණයෙකු රවටා රුපියල් 10,000ක මුදලක් ලබා ගෙන ඇති අතර ඇය සිත් ඇද ගන්නා රුවක් සහිත කාන්තාවක් බව සදහන්.
ඇය විසින් කාන්තාවන්ගේ 64 මායම උපයෝහි කර ගනිමින් ශරීරය වැඩිපුර පෙනෙන ඇඳුම් වලින් සැරසී තරුණයන් දැලේ දාගන්නා බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
මේ කාන්තාව බස්නැවැතුම්පොළවලදී ජංගම දුරකථන අංක ලබා දී එම මාර්ගයෙන් තරුණයන් හා මිත්‍ර වී මෙම ජාවාරම කරගෙන ගොස් තිබෙනවා.
තවත් තරුණයන් කිහිපදෙනෙකුටම මේ කාන්තාව විසින් මුදල් වංචාකර ඇති බව සඳහන්.
අදාළ තරුණයා එම කාන්තාවගේ පෙම්වතෙක් බවට පත්ව ඔහුට අෑගල්ඔය නගරයට එන්නැයි කාන්තාවගෙන් ප්‍රේමාරාධනාවක් ලැබී තිබුණා.
ඒ අනුව පෙම්වතිය සමඟ හෝටලයක කාමරයක් ගෙන පෙම්සුව විඳින්නට රුපියල් 10,000ක මුදලක් ද සූදානම් කරගත් තරුණයා අෑගල්ඔය නගරයට යන්නේ පෙම්සුව විඳීමේ බලාපොරොත්තුවෙන්.
සිහින කුමරිය වෙනදාටත් වඩා රූමත්ව පැමිණෙන්නේ ත්‍රීරෝද රථයකින්ය.
පැමිණිලිකාර පෙම්වතා පෙම්වතිය සමඟ ත්‍රිරෝද රථයට ගොඩවන්නේ පෙම්සුව විඳීමට හෝටල් කාමරයකට යාමේ බලාපොරොත්තුව ඇතුවයි.
ටික දුරක් ප්‍රේම රංගනයේ යෙදෙමින් ගමන් කළ ත්‍රිරෝද රථය අතරමඟදී නතර කරන්නේ එම තරුණයා නොසිතු ලෙසයි.
එහිදී රියැදුරු ලෙස පැමිණි ඇගේ සැමියා එම කාන්තාව සහ එක්ව තරුණයා සතු සේසතම කොල්ලකා තරුණයාද ත්‍රීරෝද රථයෙන් ඇද දමා පලාගිය බවයි තරුණයා සදහන් කරන්නේ.