රිදිවිට කම්පාවෙයි රඹුටන් කමින් සිටි ළදරුවා හදිසියේම මියයයි

ගොඩකවෙල රිදිවිට කැම්මන ප්‍රදේශයේ පදිංචි වසර දෙකහමාරක් වයසැති ළදරුවකු රඹුටන් කමින් සිටිය දී හදිස්සියේ මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ එස්.එස්. ඉවේන් මෙත්විදු නමැති ළදරුවෙකි. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලම දරුවා වන ඉවේන්ට ඉකුත් 8 දා සවස 2.30ට පමණ රඹුටන් ගෙඩියක් ශුද්ධ කර ඇට ඉවත්කර කෑමට දුන් බවත් ටික වෙලාවකින් දරුවා නිවසේ ඇද අසලට ඇවිත් වැටුණු බවත් වහා ක්‍රියාත්මක වූ දෙමාපියන් දරුවා රිදීවිට පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගෙන ගිය බවත් එහිදී වහාම දරුවා රෝහල් ගත කරන ලෙස වෛද්‍යවරායා පැවසීමෙන් අනතුරුව ගොඩකවෙල රෝහල වෙත රැගෙන ආ බවත් අසල්වැසියෝ පවසති.

ගොඩකවෙල රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ රෝහල්ගත කරන විටත් දරුවා මියගොස් සිටි බවය. දරුවාගේ මරණය රඹුටන් සිරවී සිදුවූ මරණයක් ද නැතහොත් වෙනත් හේතුවක් නිසා සිදුවූ මරණයක් ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි බැවින් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රත්නපුර මහ රෝහල වෙත යොමුකළ බව ද හෙතෙම කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post