අගෝස්තු 01 වන දින සිට අනිවාර්යයයි... අධිවේගයේ ගමන් ගන්නා ඔබ මේ ගැන දැනුවත්දැයි බලන්න...

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වන දින සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන බඳපටි පැලඳීම අනිවාර්යය කර තිබෙනවා.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බැවින් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවයි ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම ද අනිවාර්යය වනවා.

මේ අතර අද සිට ක්‍රියාත්මකවන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම මීට පෙර දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post