
මේ කියන්න යන්නේ වාහන ආනයන සීමා ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්..
ඔබත් සමහරවිට මේ අය අතරින් කෙනෙක් වෙන්න පුළුවන්...
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා යතුරුපැදි ඇතුලු වාහන 73,400 අධික වාහන ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසනවා..
ඔහු සඳහන් කළේ, ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 58,947ක් බවයි..
ඊට අමතරව මෝටර්රථ 7,500ක් සහ ත්‍රිරෝද රථ 1,666ක් ද ලියාපදිංචි කර තිබෙනවා...
ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීම පසුගිය මාසය තුළ සිදු වූ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ...