
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A 330-200 නවතම ගුවන් යානය හෙට (ජූනි 4) මෙරටට පැමිණීමට නියමිත ය.
ප්‍රංශයේ පැරිස් සිට නව ගුවන් යානය ශ්‍රී ලංකාවේ කටුනායක වෙත පැමිණීමට නියමිත ය.
හෙට උදෑසන 8:00 සිට 9:00 දක්වා අඩි 1,500ක පමණ උසකින් මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කරනු ඇත.