කොවිඩ් ලක්ෂණ ඇති රෝගීන් පරීක්ෂාව වැඩි කළා – සෞඛ්‍ය ඇමැති

කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති රෝගීන් පරීක්‍ෂා කිරීම වැඩිකර ඇති බවද ඒ සඳහා පීසීආර් යන්ත්‍ර සක්‍රීය කර ඇති බවද කැබිනට් ප්‍රකාශක හා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මත ඉදිරි තීන්දු ගන්නා බවත් මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් රැස්වෙමින් සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ජනතාවට දැනුම් දෙන්නට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කරගෙන යන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්දැකීම් හා උපදෙස් මෙහිදී ඉතා වැදගත් බවද ඇමැතිවරයා කියා සිටියේය.

කොවිඩ් රෝග ලක්‍ෂණ ඇති රෝගීන් පරීක්‍ෂා කිරීමේ පීසීආර් පරීක්‍ෂණ වේගවත් කිරීම සඳහා කටයුතු කර ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා තවදුරටත් කීවේ ඩෙංගු, කොවිඩ්, චිකන්ගුන්යා සහ උණ රෝගය යන රෝග හතර සම්බන්ධයෙන්ම රජය දැඩි අවධානය යොමුකර ඇති බවයි. මේ රෝග ව්‍යාප්ත වීම වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට රජය ප්‍රමුඛ අවධානය යොමුකර ඇති බවද හෙතෙම පැවසීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post