
මේ වන විට වැඩිම කතාබහක් මතුව ඇත්තේ නව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි.
එහෙත් ඩෙංගු, චිකුන්ගුන්යා සහ ඉන්ෆුවෙන්සා යන රෝග තවමත් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම රෝග දරුවන් අතර තවදුරටත් පැතිරීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය පුරුදු දැඩිව පිළිපැදීම මේ වන විට අත්‍යවශ්‍ය කරුණක් බවයි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ ඉන්ෆුවෙන්සා යන රෝග වැඩිවන තත්ත්වයක් පෙන්නුම් කරමින් ඇති බවයි.