
ජිවිතේ හීනයක් වගේ නේද ? යන්න වෙන මොහොත ගැන අපි කවුරුවත් හරියටම දන්නේ නැහැ..
ඒත් සමහරු නොහිතන මොහොතක ජිවිතෙන් සමුගෙන යනවා... අද ඉන්දිය අහසෙන් කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් ජිවිතෙන් සමුගෙන ගිය අය ගැන හුඟාක් දුක්බර කතා මුහුණු පොත හරහා ශෙයා වෙනවා... මේ සටහන ඒවගේ තවත් කදුළු කතාවක්...
රතික් ජෝෂි ලන්ඩනයේ ජීවත්වෙමින් සිටියේ අවුරුදු හයක් තිස්සේය.
මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ඔහුට, ඔහුගේ බිරිද සහ ඉන්දියාවේ සිටින පුංචි දරුවන් තුන්දෙනා වෙනුවෙන් වඩා හොඳ අනාගතයක් විදේශයේ ගොඩනැගීමට පුරා කාලයක් තිස්සේ සිහිනයක් තිබුණා.
අවසන් වශයෙන්, වසර ගණනාවක් තිස්සේ කළ සැලසුම්, කාර්ය මණ්ඩල පරීක්ෂණ සහ ඉවසීමෙන් පසු, එම සිහිනය සැබෑ වීමට නියමිත වුණා. දින දෙකකට පෙර, ඔහුගේ බිරිද වන වෛද්‍ය කෝමි ව්‍යාස්, ඉන්දීය රෝහලක තිබූ වෛද්‍ය රැකියාව අත්හැර දැමූවාය. බෑග් පැක් කරලා, සමුගැනීම කියලා, අනාගතය සිහින වෙනුවෙන් ඇඟලි ගනිමින් සිටියා.
අද උදේ, ප්‍රතික්, කෝමි, සහ ඔවුන්ගේ දරුවන් තුන්දෙනා – හීන සහ අපේක්ෂාවෙන් පිරි—Air India 171 ගුවන් යානය ලන්ඩනය බලා පිටත් වුණා. ගුවන් යානයේ සිට selfie එකක් ගත්තා. යාලුවන්ට එය එවලා. මේක තමයි අපේ අලුත් ජීවිතයක කියලා කිව්වා.
එහෙම වෙන්න තිබුණා. ඒත් ඔවුන් එතැනට කිසිදාම නොගියනම්. ගුවන් යානය කඩා වැටුණා. ඔවුන් කිසිවෙකුත් බේරෙන්නෙ නැහැ.
තප්පරගානක් තුල අවුරුදු ගණනාවක් තිස්සේ එකතු වුන හීන බලාපොරොත්තු විනාශ වුණා. ජීවිතය හිතන්නේවත් නැති තරම්වත් වෙලාවක භයානකව වෙනස් වෙන්න පුලුවන්ද . ඔබ ගොඩනඟන සියල්ල, ඔබ බලාපොරොත්තු වන හැමදෙයක්ම, ඔබ ආදරය කරන හැමදෙනාම එක තප්පරයකදි නැති වෙන්න පුලුවන්.
ඒ නිසා, පුලුවන් තරන් කාලයක් ජීවත්වෙන්න. ආදරය කරන්න. සතුටෙන් ඉන්න.. හෙට මොකක් වේවිද කියලා කවුරුත් දන්නේ නෑ..
මුහුණුපොතෙන් උපුටාගැනීමක්