ඉන්දියාවේ කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ දිනයට ගතවූ පැය 24 ඇතුළත මරණ 7ක් වාර්තා වීමත් සමඟ නව කොවිඩ් මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගිය බව ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය. එම මරණ සංඛ්‍යාවෙන් 4ක්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර, සෙසු මරණ තමිල්නාඩු, දිල්ලි සහ ගුජරාට් ප්‍රාන්තවලින් වාර්තා වූ බව ද ඉන්ඩියා ටුඩේ පුවත් සේවය සඳහන් කළේය. එම කාලය ඇතුළත නව කොවිඩ් ආසාදිතයන් 276 දෙනකු විවිධ ප්‍රාන්තවලින් වාර්තා වී ඇතැයි ද, ඒ අනුව නව කොවිඩ් ආසාදනයට ගොදුරුවූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4,302 දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, කේරළ සහ අරුනාචලම් ප්‍රදේශ් ප්‍රාන්තවලින් ද නව ආසාදිතයන් හඳුනා ගෙන ඇති අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියද, කලබල විය යුතු නැති බවත්, අවශ්‍ය වන්නේ තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට පියවර ගැනීම බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post