
ඒ අඳුරු මතකය තවමත් අපේ මනස තුළ පවතිනවා..
කොවිඩ් වෛරසයෙන් රට පීඩාවට පත් වී වසර 5ක් ගත වෙන්නටත් මත්තෙන් මේ ඇසෙන්නේ තවත් රතු එළියක් ගැන කතාවක්ද..?
ආසියානු කලාපයේ රටවල් තුළ කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රභේදයක් ව්‍යාප්තවීම හේතුවෙන් යළිත් කොවිඩ් වෛරසයේ භීතිය මතුව තිබෙන බවට දැනගන්නට ලැබෙනවා..
පසුගිය මාස කිහිපය පුරාම ආසියානු කලාපයේ මෙම වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වන අතර මේ වනවිට එය ක්‍රමයෙන් වර්ධනය වීම බරපතල තත්ත්වයක් බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ...
කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රබේදයක් ලෙස හඳුනාගෙන ඇති මෙම JN1වෛරසය මේ වන විට ආසියානු කලාපයේ රටවල් රැසක සක්‍රීයව ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා..
පසුගිය මාස කිහිපය පුරා ආසියාවේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර මෙම නව ප්‍රබේදය වන JN1 වෛරසය හොංකොං , සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාවෙන්ද හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..
මේ වන විට මිනිසාගේ ප්‍රතිශක්තිය අඩු වීම මත මෙම JN1 වෛරසය ව්‍යප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ..
කෙසේ වෙතත් මෙම JN1 වෛරස් ප්‍රභේදය මාරාන්තික වෛරසයක් ලෙස මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ..
කෙසේ වෙතත් රෝගීන් වාර්තා වීම ඉහළ අගයක පැවතීම හමුවේ යළිත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ..
මේ අතර අසල්වැසි ඉන්දියාවෙන්ද මෙම නව JN1 වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වාර්තා වන අතර මහරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් රෝගීන් 257 දෙනෙකු වාර්තා වී තිබෙනවා..
ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සැලකිය යුතු තත්ත්වයක් වන බවයි එරට මාධ්‍ය පවසන්නේ..
සතියක් තුළ රෝගීන් සංඛ්‍යාව 12 සිට 56 දක්වා වැඩි වීම හේතුවෙන් JN1වෛරසය ආසාදිත පුද්ගලයින්ට වැඩි අවධානයක් යොමු කර ,සමීපව නිරීක්ෂණය කරන බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසන්නේ...
කොවිඩ් වෛරසයට පොදු රෝග ලක්ෂණ වන කැස්ස , හිසරදය , උගුරේ වේදනාව , සෙම්ප්‍රතිශ්‍යාව , ගඳ සුවඳ හා රස නොදැනීම මෙම JN1 වෛරසයේද ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර ඇඟපත මලානික වීම , වමනය , අධික තෙහෙට්ටුව , මාංශපේශී වේදනාව , ආහාර අරුචිය යන රෝග ලක්ෂණද ඇතිවිය හැකියි...
ඔමික්‍රෝන් වෛරස් කාණ්ඩයට අයත් මෙම වන JN1 වෛරස් ප්‍රභේදය ඔමික්‍රොන් වෛරස් කාණ්ඩයේ නව උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති අතර කොවිඩ් වෛරස් ව්‍යාප්තියේ ග්‍රාහක වෛරසය බවටද හඳුනාගෙන තිබෙනවා...
කෙසේ වෙතත් ,මේ දක්වා JN1 වෛරස් ප්‍රබේදය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැහැ...