කොටහේනේ දැරිය අපයෝජන සැකකරු පැමිණිලි කරු වී CID යයි..

කොටහේන ප‍්‍රදේශයේ 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඔහු ඉන් ඉල්ලා ඇත්තේ තමනට අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි.

ඔහු පවසන්නේ මියගිය සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම නිසා තමන් ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුවවූ පසු පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බවය.

එසේ තිබියදී තම පින්තූර යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීමෙන් තමා අපහසුතාවයට පත්ව ඇති බවත් ඔහු කියා සිටී.

ඩිල්ෂි අම්ෂිකා නමැති කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි

16 හැවිරිදි සිසුවිය එහි 6 වැනි මහළෙන් පැන පසුගිය 29 වැනිදා දිවිනසාගෙන තිබුණි.

ඇගේ මව්පියන් පැවසුවේ ඇය දිවි නසාගත්තේ දරුණු මානසික පීඩනයකින් වේදනා විඳිමින් සිටි නිසා බවත් ඒ බම්බලපිටියේ පාසැලක ඉගෙනුම ලබද්දී එහි ගුරුවරයෙකු විසින් සිදු කරන ලද අතවර කිරීමක් හා මෙම උපකාරක පංති හිමිකරුවෙකු විසින් ඇය මානසික පීඩනයකට ලක්වීම මත බවත්ය.

මේ අතර සිසුවිය සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යැවීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර ඇත.

සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට ලැබී ඇති බවත්් ඒ මත මෙම පියවර ගත් බවත් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපනල උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload