
මේ කියන්න යන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ඒ දරු දැරියන්ට තවත් විශේෂ කතාවක්...
මෙවර පැවැත් වූ සාමාන්‍ය පෙළ විභාගයෙහි ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසනවා...
අපේක්ෂකයන් 171100 ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1228කදී මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇති...
41 - සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථාන වලදී පැවැත්වෙන බව සඳහන්...
40 - සංගීතය (පෙරදිග) 42 - සංගීතය (කර්ණාටක) 45 - නැටුම් (හරත) 51 - නාට්‍ය හා රංග කලාව (දෙමළ) 41 - සංගීතය (අපරදිග) 44 - නැටුම් (දේශීය) 50 - නාට්‍ය හා රංග කලාව (සිංහල) 52 - නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) මෙම විෂයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කර ගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වෙන අතර ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදු කරනු නොලබන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ..
පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා තිබෙනවා..
පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ..
ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයදුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂයය ආදි තොරතුරු ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පහත සඳහන් දුරකථන ඔස්සේ දැන්වීය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේග පත්‍ර 2025.05.19 වන දින සිට බාගත කරගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ...