
පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී චාමර ගැන මේ දිනවල නිතරම පුවත් අසන්නට ලැබෙනවා...
මේ කියන්න හදන්නේ අද ලැබුණු අලුත් ආරංචියක් ගැනයි...
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වනවිට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී අද (16) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.