කවුරුත් ආදරේ කරන ඒ අසහාය කලාකරුවා ගැන ඇසෙන සතුටු හිතෙන ආරංචිය...

ප්‍රියංකර පෙරේරා කියන්නේ හැමෝම ආදරය කරන නිහඬ කලාකරුවෙක්.

පසුගිය කාලයේ ඔහු අසනීප තත්වයෙන් පසුවුණු බව හැමෝම දන්න දෙයක්.

ඒත් යුග යුග හදවත් යා කරපු ඒ සොඳුරු හඬට පෙම් බඳින කාටත් මේක සුබ ආරංචියක් වෙයි.

ඒ තමයි ප්‍රියංකර පෙරේරා කාලෙකට පස්සෙ නැවතත් ප්‍රසංගවලට සහභාගී වීමේ සූදානමක පසුවන බව.

මේ ආරංචිය අරන් ඇවිත් තිබුණෙ, රංගන ශිල්පි ධම්මික සම්පත් බණ්ඩිහෙට්ටිගේ සිය මුහුණු පොතට එක්කර තිබුණු සටහනකින්.

''ගොඩ දවසකින් සතුටු හිතෙන ආරංචියක් ආවා. ඒ තමයි ප්‍රියංකර අයියා සෑහෙන කාලෙකට පස්සෙ නැවතත් ප්‍රසංගවලට සහභාගී වෙන news එක.

කෘත්‍රිම පාදය තවම සවිකරලා නැති නිසාත්, රෝද පුටුව ආධාරයෙන් යන නිසාත් එලිමහන් ප්‍රසංග වේදිකාවේ ⁣උස පඩි තරණය කරන්න තවම අපහසුයි.

දැනට ගෘහස්ථ ප්‍රසංග සහ උත්සව ශාලාවල පමණක් ගීත ගායනා කරන බව තමයි ප්‍රියංකර අයියා මට පෞද්ගලිකවම කිව්වෙ.

තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබිලා අපට ඔබෙි මියුරු ගායනය චිරාත් කාලයක් රස විඳින්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා''

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload