MrJazsohanisharma

ඔස්ට්‍රේලියාවේ රිය අනතුරකින් හිටපු ඇමති පුතෙකු මරුට…

සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ තාරක විජේතුංග මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී රිය අනතුරකින් මියගොස් තිබේ.

හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරයකු සහ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ඒ.ඒ. විජේතුංග මහතාගේ පුතකු වන තාරක විජේතුංග මහතා පසුගිය මහමැතිවරණයේ දී ඡන්ද 21200 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ සිවුවැනියා බවට පත්විය.

තාරක විජේතුංග මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.

ලසන්ත නිරෝෂණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post
reload